(අංජුල මහික වීරරත්න)
නිවාස ණය මුදල් පෞද්ගලික පරිහරණයට යොදාත් නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් තිදෙනකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.
නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd