(කවීෂා ගරුසිංහ)
බෙලිඅත්ත නිහිළුවේ නිවෙස සිදු වූ කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුට ගෙන ප්‍රශ්න කිරිමේදී තම ආච්චි අම්මා ඝාතනය කර ඇගේ රන් මාලය කොල්ල කෑම සඳහ සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව බෙලිඅත්ත පොලිසිය කියයි.
බෙලිඅත්ත නිහිළුව ප්‍රදේහයේ නිවසකින් පසුගිය 30 වැනි දින රුපියල් 430000ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකාර සිසුවා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි මෙම අපරාධය සම්බන්ධ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
තම මවගේ අම්මාගේ (ආච්චි)මුහුණට කොට්ටයක් තබා හුස්ම හිරකර ඇයගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා තවත් මිතුරන් දෙ දෙනකු සමග එක්ව උගස් කර ඇති බව ද අනාවරණය වි ඇත
එසේ ඝාතනය කරන ලද 70 හැවිරිදි කාන්තාව පශ්චාත් මරණ පරික්ෂණයක් නොපවත්වා පවුලේ සුසාන භුමියේ මිහිදන් කර ඇති බවද අනාවරණය කරගෙන ඇත.
බෙලිඅත්ත පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙලිඅත්තේ නේද? ගහේ කටු උල් කරන්න ඕන නෑ නොවැ...
ගස්වල කටු උල්කරන්නෙ මක්කටෙයි, ඔය පැත්තම (බෙලිඅත්ත) අපේ මහරජාණන් වහන්සේගේ බල ප්‍රදේශය නොවැ. ඉතින් ඕවා සුලුදේවල් වෙනවා..
දැන් රටේ මෙහෙම අය තමයි බිහිවෙන්නේ...!