
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත අත් බෝම්බ දෙකක් සමගින් අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
කොල්ලය සදහා සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය සහ තියුණු ආයුධ කිහිපයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්නාන කියන ප්‍රදේශය මේ වගේ දේවල් වල ඉතා ප්‍රසිද්ධයි, මේ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවේල්ල ආසනයේ, කොළඹ රත්නපුර හයිලෙවල් පාරේ. මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් අපචාර, මත්ද්‍රව්‍යයට පුරුදු වු අය, කල කොලාහල සහ නුගත්කම් නිසා ඇතිවන ප්‍රශ්න වලින් පිරුණු ප්‍රදේශයක්.