IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාවලපිටියේ සිද්ධියට දුම්රියේ තවත් තුනකගේ වැඩ තහනම්

(යොහාන් භාසුර)

‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනකුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධිය සම්බ්නධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මේ වන විට  කටයුතු කළ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.  

නාවලපිටිය කාර්යභාර නිලධාරී පරීක්‍ෂකවරයා කලහාකාරී සිදුවීමේදී නියමිත රාජකාරි නිසියාකාරව නොකිරීමේ චෝදනාවට සහ එම දුම්රියේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය ද මෙසේ අත්හිටුවූ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (5) පෙරවරු 5.55 ට බදුල්ල බලා පිටත්වූ මෙම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේදී මෙම සිද්ධියට මුහුණ දුන්නේය. 



අදහස් (3)

නාවලපිටියේ සිද්ධියට දුම්රියේ තවත් තුනකගේ වැඩ තහනම්

Nimal Wednesday, 06 March 2024 03:45 PM

නීතිය අකුරටම ක්‍රියාකරන්න. තම රාජකාරීය පැහැර හැරීමට හෝ රාජකාරියෙන් බැහැරව පුද්ගලයින්ට හිරිහැරකිරීම නීතිවිරෝධී වැඩක්. එක මෝඩයෙක් සැරසෙනවා මේ සිද්ධිය වීඩියෝ කළ පුද්ගලයාට නඩු දාන්න. මේ අයගේ දැනුම තමයි.

:       1       16

හේරත් Wednesday, 06 March 2024 03:53 PM

මේ අයට මනුෂ්‍යයින් සේ තම රාජකාරිය කරන්න අවශ්‍ය දැනුම පුහුණුව ලබා දෙන්න. රටට සංචාරකයින් අවශ්‍යම මොහොතක මේ ආකාරයට සංචාරකයින්ට සැලකීම සාහසික ක්‍රියාවකි...

:       0       15

Prabha Wednesday, 06 March 2024 05:18 PM

ඕකටත් වර්ජනය කරයිද දන්නේ නෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site