(ඉන්දික අරුණ කුමාර)
රෝග රැසක් සදහා වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය නාඋල ඖෂධහල්වල නොමැති බව රෝගිහු කියා සිටිති.
රැධිරය කැටි ගැසීම වැලැක්වීම සදහා සහ විවිධ රෝග රැසක් සදහා වෛද්‍ය නිර්දේශ මත නිකුත් කරණු ලබන ඇස්ප්‍රීන් පෙති මිලදී ගැනීම සදහා දෛනිකව නාඋල පිහිටි ඖෂධ හල්වලට පැමිණෙන රෝගින් හිස් අතින් ආපසු යන බව ද ඔවුහු කියා සිටිති.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් ඖෂධ හල් හිමියන්ගෙන් කළ විමිසීම්වල දි ඔවුන් කියා සිටියේ සති ගනනකට පෙර සිට තමන්ට අදාල ඖෂධය නොලැබුනු බවයි.
තදාසන්න නගරවලට යෑමේ ප්‍රවාහන හා මුල්‍යමය අපහසුතාවන්වලින් පෙළෙන පිරිස් මේ හේතුවෙන් මහත් අසීරුතාවන්ට මුහුණ දෙන බව කියා සිටි ඖෂධහල් හිමියන් අවධාරණය කර සිටියේ තමන් වෙත පැමිණ ඇති නව ඖෂධ රැසක මිල ගනන් ද මේ වන විට ඉහල ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් ෑ.. පොදු ප්‍රවහනය භාවිත කරන්න අමරු අයට ඉන්දන ලැබෙනවනෙ