(යොහාන් භාසුර)
නුගේගොඩ නාවල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට කඩා වැදුණු කණ්ඩායමක් පහරදීමෙන් එම ආයතනයේ ගණකාධිකාරිවරිය තුවාල ලබා රෝහල්ගත කළ ඇති බව මිරිහාන පොලිසිය පැවසීය.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ 33 හැවිරිදි ගණකාධිකාරිවරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් එම ආයතනයේ අභ්‍යන්තර ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති බවත් පොලිසිය කීය.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් පරිදි එහි ළමා හා කාන්තා කාර්යංශය විමර්ශන ක්‍රියාත්මක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd