
(ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන හෝටලයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් මුළුතැන්ගෙය මුළුමනින්ම විනාශ වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.
ප්‍රධාන වීදීයේ ප්‍රධාන හෝටලයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව ගෑස් කාන්දු වීමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කර ගැනීමට හැකිවූ බවද නුවරඑළිය පොලිසිය කියයි.
ගින්න ඇතිවී විනාඩි කිහිපයක් තුළ නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් ගින්න මැඩ පැවැත්වා ගැනීමට හැකිවූ බවක් නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානි වී නොමැති අතර දේපළ හානි පමණක් සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd