(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරය හා ඒ අවට ඇති නැරඹුම් ස්ථාන දේශීය සංචාරකයන්ගෙන් අද (05) පිරී පැවැතිණි. සතිඅන්ත නිවාඩු දින හා රටේ පවතින යහපත් වාතාවරණය හේතුවෙන් අති විශාල දේශීය සංචාරකයෝ පිරිසක් මෙසේ නුවරඑළිය නගරයට පැමිණ සිටියහ.
නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය, ග්‍රෙගරි වැව උද්‍යානය, හග්ගල මල් වත්ත, ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය, සඳතැන්න පාරිසරික උද්‍යානය ඇතුළු නුවරඑළිය නගරය ඇතුළු සියලු ස්ථාන සංචාරකයන්ගෙන් පිරී ගොස් පැවැතිණි.
මාස හතරකට අධික කාලයක් පාලුවට ගොස් තිබු නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශ නැරඹීම සඳහා මෙසේ දේශීය සංචාරකයන් පැමිණීම නිසා තමන්ගේ ආදායම් තත්ත්වයද යහපත් අතට හැරමින් පවතින බව නුවරඑළියේ වෙළෙන්දෝ, ග්‍රෙගරි වැවේ බෝට්ටු සපයන්නෝ, පෝනි ධාවකයෝ, බේල් වෙළෙදාමේ නිරත පිරිස් සහ හෝටල් හිමියෝ පවසති.
නුවරඑළිය නගරයේ රථ වාහන තදබදයක්ද මේ හේතුවෙන් දක්නට ලැබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
jerry Monday, 06 July 2020 12:02 PM
බලන්නකෝ.., මිනිස්සුන්ට හැමදේම ඉක්මණට අමතක වෙනහැටි.. දැන් බලන්න පළවෙනි පින්තූරේ ඉන්න 3 දෙනාගෙන් එක්කෙනෙක්වත් මුඛ ආවරණ පැළඳගෙන නැති හැටි දැන් මීටරෙත් නෑ. මුඛ ආවරණත් නෑ. කොරෝනත් නෑ මං හිතන්නේ නේද?