( ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය වසන්ත උත්සව සමය මෙවරත් අප්‍රේල් මස 01 දින සිට 30 දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇතැයි නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය පැවැසුවාය.
ක්‍රීඩා උත්සව රැසකින් සමන්විතව මෙරව වසන්ත උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත්, ඊට සමගාමිව නුවරඑළිය නගරය, ග්‍රෙගරි වැව, ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටෝරියා උද්‍යානය ඇතුළු සංචාරක නැරඹුම් ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරන ලබන බවද බෝධිමාන්න මහත්මිය කීවාය.
මෙම වැඩසටහනට සමගාමීව නුවරඑළිය බස් නැවතුම්පොල පිරිසිදු කිරීම ඊයේ (27) රාත්‍රී සිදු කරන ලද අතර, නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලජ ශාක හා වැවේ ජලයේ පාවෙමින් තිබු ප්ලාස්ටීක් බෝතල් ඇතුළු විවිධ ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ මුලිකත්වයෙන් සිදු කරන ලැබු අතර, ඊට ජීවිත ආරක්ෂක නිලධාරීන්, බෝට්ටු හිමියන් හා නුවරඑළිය මහ නගර සභාවේ සේවකයින්ගේ සහාය ලැබී තිබිණි.
මෙහෙදී වැවේ පැවැති පාසි ඇතුළු ජලඡ ශාක ටොන් ගණනාවක් මේ වනවිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, එසේම වැවේ ජලයේ පාවෙමින් තිබු හා ග්‍රෙගරි වැව උද්‍යානයේ තිබු ප්ලාස්ටීක් බෝතල් ඇතුළු ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.
නුවරඑළියට පැමිණෙන දේශීය සංචාරකයන් මෙන්ම, නුවරඑළිය නගරය අවට පදිංචිව සිටින පිරිස් අවිධිමත් ලෙස බැහැර කරනු ලබන කැළි කසළ නුවරඑළියේ සුන්දරත්වයට තර්ජනයක් බවත්, එසේ හෙයින් කැළි කසළ බැහැර කිරීමේදී නියමිත ස්ථානවලට පමණක් බැහැර කරන ලෙස නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නුවරඑළිය වසන්ත සැණකෙළිය 1දා ඇරැඹෙයි
Nalaka Tuesday, 28 March 2023 01:41 PM
ඕක නැත්තං ,, සුද්ද කරන්නේම නැද්ද .....