
(ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑලිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසලක අවුරුදු උත්සවයකට සහ නුවරඑලිය මහ නගර සභාව පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උත්සවයට ප්‍රදේශවාසින්ගේ මතු වු විරෝධය මැද්දේ නතර කිරිමට සංවිධායක මණ්ඩලය පියවර ගත්තේය.
නුවරඑලිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවය එම පෙර පාසලේදි පැවැත්විමට එම පෙර පාසලේ පාලන අධිකාරිය කටයුතු කර තිබු අවස්තාවේ නුවරඑලිය නගරයේ පදිංචිකරුවන් පිරිසක් කළු කොඩි අතතිව පැමිණ රටේ දැනට පවතින ගැටළුකාරි තත්ත්වය හමුවේ එය සිදු නොකරන ලෙසට එම පාසල ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයක් හේතුවෙන් උත්සවය නතර කිරිමට පාසලේ පාලන අධිකාරිය කටයුතු කළේය.
මේ අතර නුවරඑලිය මහ නගර සභාව අද දින සිට මේ මස (30) දින දක්වා පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උත්සවයද නතර කිරිමට පෙර පාසලේ උත්සවය නතර කිරිමට උද්ඝෝෂණය සිදු කළ පිරිස කටයුතු කරනු ලැබුහ.
නුවරඑලිය ග්‍රේගරි වැව මාගස්තොට පරිශ්‍රයේ වසන්ත උදානයේ සමාරම්භක උත්සවය නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාගේ සහ ආරාධිතයන් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් පවත්වමින් සිටින අතරතුර පොලිසියේද අණ නොතකා එම පිරිස වසන්ත උදාන සමාරම්භක උත්සව භුමියට බලහත්කාරයෙන් ඇතුල් වි එම උත්සවය නතර කිරිමට පියවර ගැණින.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ජීවත් වෙන්න යුද්ධයක ඉන්නකොට... උත්සව පවත්වන්න තරම් මුග්ධයෝද ඉන්නේ...?
කෝ අර සී බී? ඊළඟ පාර සී බී සහ එස් බී හලනවාමයි.
රටේ මිනිස්සුන්ට ඉන්ධන, ප්‍රවාහනය, ගෑස්, විදුලිය, අහාර හිඟ වෙලාවේ සැණකෙළි පවත්වන්නේ සිහි විකල් වෙලාද?
බඩු මිල පාලනය කරන්න දේශපාලුවන්ට බැරි නම් ඉන්ධන ටික, විදුලිය දෙන්න කාලකණ්නි දේශපාලුවන්ට බැරි නම්... ඔය කාලකණ්නි දේශපාලු හැත්ත උත්සවවලට ගෙන්වන්නේ මෙන මගුලකටද? කාටවත් මේ වෙලාවේ උත්සව තියන්න දෙන්න එපා..
අපරාදෙ ඕකට හැමෝටම රට කාපු ලොක්කන්ට එන්න ඇරලා නෙලන්න තිබ්බේ..
මෝඩ හැත්ත,එන්න දෙන්න එපැයි ගේම ගහන්න.උන් පරිස්සම් කර ගන්නද එළෙව්වෙ