IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවරඑළිය පොහොට්ටු මන්ත්‍රීගේ සහාය රනිල්ට

( සිසිර ලලිත් කුමාර )

මෙවර ජනාධිපතිවරණයේදී තම සහාය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

නිමල් පියතිස්ස මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොදුජන පෙරමුණ යටතේ පසුගිය මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මෙවර ජනාධිපතිවරණයේදී සිය ස්ථාවරය ප්‍රකාශ කළ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   නිමල් පිය තිස්ස මහතා මෙලෙසද පැවසීය.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අපි හොඳින් ගැඹුරින් අධ්‍යනය කළා. වර්තමාන රටේ තත්ත්වය  පිළිබඳව අපේ අවධානය යොමු වුණා.

මිනිසුන්ගේ බලය මතින් පැමිණි පාලකයන්  පිටමන් වී යන අවධියක, මිනිසුන් ගෑස් ටික ඉල්ලද්දී මිනිස්සු තෙල් ටික නැතුව  තෙල් පෝළිම ඉන්දැද්දි,මිනිස්සු තමන්ගේ වගාවට පොහොර ටික ඉල්ලද්දී ඒ සියල්ලට විසඳුම් ලබාදීමට නොහැකිව එවක පාලකයින් පලා යද්දීන්  මේ රටට නිවැරදි නායකත්වය දෙන්නට සමත් වූයේ රනිල්  වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව අපි කිසි කෙනෙක් අමතක කළ යුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ධූරය හැර යද්දී,  සිය වගකීම හරියට ඉටු නොකර පලායද්දී, මේ රටේ අගමැතිවරයා විදිහට,මේ රටේ උප ජනාධිපතිවරයා විදිහට, මේ රටේ ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා මේ රට හැම අතින්ම ගොඩගැනීමට කටයුතු කළ ආකාරය  ජනතාවාදී  නායකයන් විදිහට අපට අමතක කරන්න බැහැ.

 

 



අදහස් (0)

නුවරඑළිය පොහොට්ටු මන්ත්‍රීගේ සහාය රනිල්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site