
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව්යෝක් නගරයට පැමිණෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අත් අඩංගුවට ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා බලයක් තිබෙනවාදැයි තමන් නොදන්නා බැවින් නීති විශාරදයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත් නිව්යෝක් නගරාධිපති සොහ්රාන් මම්දානි පසුගියදා ප්‍රකාශ කළේය.
නෙදන්යාහු යුද අපරාධකරුවෙකු බවත් ඔහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී චෝදනා ගොනු කළ යුතු බවත් මම්දානි පැවැසුවේය. තමන් පමණක් නොව බොහෝ දෙනා නෙදන්යාහු පිළිබඳව දරණ මතය මෙය බවද ඔහු ප්‍රකාශ කළේය. තමන්ට නිව්යෝක් නගරාධිපතිවරයා ලෙස නීතියෙන් ලැබී ඇති බලතල භාවිත කරමින් නෙදන්යාහුට එරෙහිව කළ හැකි සෑම දෙයක්ම සිදුකරන බව මම්දානි පැවැසුවේය.
ඔහු නගරාධිපතිවීම සඳහා තරඟවදින අවස්ථාවේදීද මම්දානි ප්‍රකාශ කර තිබුණේ නෙදන්යාහු නිව්යෝක් නගරයට පැමිණියහොත් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
මම්දානිගේ මෙම ප්‍රකාශයට ඊශ්‍රායලය ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබූ අතර ඇමෙරිකාව ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ නගරාධිපතිවරයා ලෙස ඔහුගේ වගකීම් ඉටුකරමින් නගරයේ නැඟී එන යුදෙව් විරෝධී රැල්ලට මුහුණදෙනවා වෙනුවට මම්දානි සිදු කරන්නේ ඊශ්‍රායලයට පහර දීම බවයි.
කාල සටහනට අනුව නෙදන්යාහු නිව්යෝක් නගරයට පැමිණෙනු ඇති බවත් අත් අඩංගුවට ගත යුත්තේ නෙදන්යාහු නොව මම්දානි බවත් ඊශ්‍රායලය තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd