
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
සියයට 2.8 දක්වා උද්ධමනය ඉහළ යාමට සියයට 39.22 කින් ආහාර කාණ්ඩයේ උද්ධමනය දායකවී ඇති බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 60.78 කින් දායක වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.
ඔක්තෝබර් මාසයේදී සියයට සෘණ 5.2 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සෘණ 2.2 දක්වා වැඩි වී ඇති බවත් ඔක්තෝබර් මාසයේදී සියයට 6.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මෙම මාසයේදී සියයට 7.1 දක්වා වැඩි වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනතාව විතරක් වෙන්න ඇති නේද ?