(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එම බන්ඩි පොහොර තොගය නොවැම්බර් මස අවසන් වන විට මෙරටට ලැබීමට නියමිත බවද අමාත්‍යංශය සඳහන් කරයි.
වී වගාවේ දී ගොයම් කරල් ශක්තිමත්වී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් මෙම බණ්ඩි පොහොර යෙදිය යුතුය.
යුරියා පොහොර මෙන්ම බණ්ඩි පොහොර ද ගොවීන්ට ලබා දීමට අවශ්‍ය සියලු පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වනවිටත් ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙවර මහ කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 814,000කි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නොවැම්බර් අග බණ්ඩි පෝර මෙට්‍රික් ටොන් හතළිස් දාහක් එයි