IMG-LOGO

නිව්මෝනියාවෙන් වෛද්‍යවරයා මරුට

(සිරංගිකා ලොකුකරවිට) 

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හාලිඇල පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ චින්තක දීපාල් අමරසූරිය නැමති 30 හැවිරිදි වියේ පසු වූ වෛද්‍යවරයෙකි.

නිව්මෝනියා තත්ත්වයක් සමඟ රුධිරයට විෂබීජයක් යාමෙන් ඇති වූ කම්පන තත්වයෙන් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.

මියගිය වෛද්‍යවරයා එක්දරු පියෙකි. ඔහු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා ඇති අතර සති කිහිපයකට පෙර ඉන්‍ෆ්ලුවන්සා රෝගය ද වැළඳී සිටි බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබිණි. දින කිහිපයක් පෙට්‍රල් පෝළිම්වල ද රැඳී සිට ඇති වෛද්‍යවරයා තම කාරයේ තිබූ පෙට්‍රල් යතුරුපැදියට ගැනීම සඳහා බටයක් යොදා කටින් පෙට්‍රල් ඇද ඇති බව ද ඥාතීන් පවසා ඇත.

ඉන් පසු රෝගී ව නිව්මෝනියා තත්වයට පත්වූ ඔහු පේරාදෙණිය රෝහලට ඇතුලත්කර ඇත. පසුව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර එක්මෝ ප්‍රතිකාර සඳහා පසුගිය 11 වැනි දා කරාපිටිය රෝහලට මාරුකර එවා තිබිණි. අද (14) උදෑසන ඔහු මියගියේය.

මියගිය වෛද්‍යවරයාගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මිය විසින් පවත්වන ලදී.



අදහස් (2)

නිව්මෝනියාවෙන් වෛද්‍යවරයා මරුට

Karl Thursday, 14 July 2022 08:08 PM

ඔබට නිවන් සුව....!

:       0       0

Karl Friday, 15 July 2022 08:40 AM

නිවන් සුව ලැබේවා!....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site