
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ගෝලීය අභියෝග වලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන අතර කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලිම බන්...අඩ්යාපනෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපල්ල..ඉන් පස්සෙ....හරියට ගුරුවරු ටික යොදපල්ල...දැනටම බලපල්ල..ඉස්කොල කීයකට විදුහල්පතිල නැද්ද කියල. ගුරුවරු අඩුද කියල..උඹලගෙ තියෙන්නෙ ලොරි ටෝ....
තමුසේ ගෙදර යනවා එතකොට අධ්‍යාපනය ප්‍රායෝගිකවම අපහසුවක් නැතුවම හැදෙයි
ආපු දා ඉඳන් කියන්නේ එහම කරනවා, මෙහම කරනවා මිස කරපු දෙයක් නැහැ. කොහොමත් වෙන්න නැහැ කියල දැනගනම සේරම එකතු වෙන්න ඕනේ කියලත් ආපු දා ඉඳන් කියනවා. දැන් මෙයාට පාර්ලිමේන්තුවේ 134 සහිත ඉතා බහුතර බලයක් තියද්දී, ඇයි සේරම එකතු වෙමු කියල බොරුවට කල් මරන්නේ? සේරම එකතු වෙන්න අවශ්‍ය නැහැ. රටේ ශක්තිමත් විපක්ෂයක් සිටියයුතුයි. ගෞටාබය ඉතා අසීමිත් බලය තිබිලත්, අන්තිමට රටින් පෙනල යන්න වුනා. වැඩ කරන්න කෙනක්ට දැන් තියන බලය ඕනේ තරම් ප්‍රමාණවත්.
කුණුහබ්බ...
ගිය ගිය තැන කියන්නේ මේ වගේ ඒ වෙලාවට හිතුන දෙයක්.
මෙයා මේ වාද බයිලා ගහ ගහා මැතිවරණයෙන් දිනන් කැරට් බෙදනවා. වෙන නම් මොකුත් කරන එකක්.නෑ. තියෙන දේවල් විකුණලා ඉන්දියවෙ කොලණියක් කරන්න තමයි හදන්නේ
දැන් නම් මේ මනුස්සයාගේ කතන්දර මතක තියා ගන්නත් බෑ. බ්‍රේස්ලට්වලින් බටන් අරගෙන තවම යනවා..මිනිහත් ඔහේ කියනවා.. කවුරුවත් පරීක්ෂණ කරන්නෙත් නෑ.
මෙය 1977 ඉදන් කරල තියෙන්නෙ කටින් බතල හිටවල තියෙන එක.