IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නවාතැන්පොළක සැක මරණයක්

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

බණ්ඩාරගම සමරනායක පාරේ   නවාතැන් පොළක පැවැත්වූ සාදයකින් අනතුරුව සැකකටයුතු ලෙස තරුණයෙකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  ජාතික ජල ජලසම්පාදන මණ්ඩලයේ   කොන්ත්‍රාත් පදනම මත සේවය සපයන ආයතනයක සේවය කරන අගලවත්ත සඳගිරි කන්ද ඕමත්ත පාර පදිංචිව සිටි රවීදු හසිත් ආරියවංශ 24 අවිවාහක තරුණයෙකි .

 මියගිය තරුණයා සහ එම ආයතනයේ සේවය කරන තවත් පුද්ගලයකු    නැවතීම සඳහා ලබා දී තිබූ දෙමහල් නිවසක  නවාතැන් පොලේ රැඳී සිට ඇති අතර දෙදෙනා සවස සාදයක් පවත්වා ඇතැයි පොලිසිය කියයි.

අලූයම එකට පමණ අනික් පුද්ගලයා අවදි වී උඩුමහලේ විදුලි බල්බ දල්වා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට සඳහා ගිය අවස්ථාවේදී මියගිය පුද්ගලයා උඩුමහලෙහි සාලයේ උඩු බැලි අතට වැටී සිටින අයුරු දැක ද විමසිලිමත් වීමේ දී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරුත් මුත්‍රා පහ ව තිබෙන අයුරුත් දැක  දුරකථනයෙන් අසල්වාසී නිවසක ට ඒ බව පවසා තිබූ බව පොලිසිය කියයි

 



අදහස් (0)

නවාතැන්පොළක සැක මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site