(අංජුල මහික වීරරත්න)
කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම නිවාස ව්‍යාපෘති තුන නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. මාලඹේ නිවාස ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 3148.80 ක් වෙන් කෙරිණ. ඒ නිවාස 256 ක් ඉදිකිරීම සදහායි. නිවාස 120 ක් ඉදිකිරීම සදහා වන බොරලැස්ගමුව නිවාස ව්‍යාපෘතිය සදහා වෙන් කළ මුදල රුපියල් මිලියන 1476 කි. යෝජිත මාකුඹුර නිවාස ව්‍යාපෘතිය සදහා වන ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3859ක් වන අතර එහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 314 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ මාලිමාවට, කප්පම් කාරයා විශ්වාස කරන්න එපා...
හොරා කන්න කරපු විදිය ,ප්‍රසන්නට පස්සපැත්තෙනුත් හිනා ඇති