(අංජුල මහික වීරරත්න)
කඩා වැටුණු රට ජනාධිපති විසින් යථා තත්ත්වයට පත් කරගෙන යන අවස්ථාවේදී එකිනෙකාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නැවත රට විනාශ කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
විපක්ෂය කියන පරිදි අති විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා මෙි මොහොතේ ඡන්දයක් පැවැත්වුවහොත් ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක ක්‍රියාත්මක කිරීමට ජනපති එකඟ වී ඇතත්, විපක්ෂය ඊට පරිබාහිරව යමින් තවමත් පරණ වැඩපිළිවෙලේ සිටම කටයුතු කරමින් සිටින බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අබේවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබල එකතුවෙලා කාපු රට, උබලම හදයි කියල හිතන්න තරම් මිනිස්සු මෝ නෑ
GAS වලට කොමිස් එක කොහොමද?
රට වනසපු පින් ගොන්නු අපිටද කියන්නේ ?හොරු අල්ලන්නබර බැරි ,හොරු සුරකින මහා ලොකු සුද්දවන්තයෝ
ඇත්තම කතාව රාජපක්ෂ උප කොන්ත්‍රාත් කරුවන්ට චන්දෙකට යන්න හැකියාවක් නෑ. ඔය ඉන්නවයි කියන ජනතාවක් ඔබතුමාලා එක්ක නැති බව ඔප්පුවෙනවා. ජනතාව ඔබතුමාලාගේ යතා තත්වය අවශ්‍ය නැති බවයි පවසන්නේ . ඇත්තම කතාව නම් ඔබ තුමාලා යතා තත්වයට පත්කරනවායයි අදහස් කරන්නේ පරණ හොරු සෙට් එකට ඒ හොරකම් ටික යතාපරිදි කරගන යාමට ඉඩ සැලැස්වීමයි.
ඩීල් දාස, දැන් වීරය වෙලා, තමුන්ට ඉදිරියට මොනම බලයක් වත් දෙන්න ජනතාව සූදානම් නැහැ විශේෂයෙන් තමුනන්ට, ඒක නිසා චන්දෙට බය එක සාධාරණයි.
අපේ නියත අගමැති... ගාළු හොරා.. ඩීල්වර්ධන..
රෙදි ගලවගෙනද කතකරන්නෙ. වත්මන් පින් ජනදිපතියි, හිටපු ජනදිපතියි, උන්දැගෙ කැබිනට මන්ඩලයයි රට සම්පුර්නයෙන්ම වනසල ඉවරයි, තව වනසන්න දෙයක් නැහැ.
මේ අයට නම් රටට හෙණ ගැහුවත් කමක් නැහැ. බලය ඉන්නමයි හදන්නේ.
නැවත වනසන්න දෙයක් ඉතුරුවෙලා නැහැ , පිනයි පිස්සු අප්පචියි දෙන්න මාරුවෙන් මාරුවට වනසල තියෙන්නේ අවුරදු 100 කින් වත් ගොඩ එන්න බැරිවෙන්න . බිලියන 700 රජයේ වියදම් වශයෙන් වෙන්කරලා තියෙද්දී චන්දෙ කරන්න බිලියන 10 නැහැ කියන එක ගිහින් කියන්න මෝඩ බයියෙක්ට .
ඔව් ඒක ඇත්ත..ඒ නිසා රටේ මිනිස්සු එකතු වෙලා තොපි ඔක්කොම මේ ගමන එලවනවා.....
අඩුම තරමේ මිනිස්සුන්ගෙන් චන්දයක් අරන් ආපු එකෙක් නම් මේ විදියට කට මැත දෙඩේවවට කමක් නැහැ. පිනට පාත් වෙලා දැන් නිකම් මහා රජාගේ මහා ඇමති වගේනේ කතාව. අනේ බොල.
රට වනසන්න දායකවෙච්ච කෙනෙක් මෙයත්. එලවලා දාන්න ඕන පාර්ලිමේන්තුවෙන්.
මේකට සෙරෙප්පුවෙන් ගහන්න.