IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැවත පොදු විපක්‍ෂයක් ගැන කථාවක්

(යොහාන් භාසුර)

කථානායකවරයා රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් මාර්ගගත ආරක්ෂණ පනතට අත්සන් කළ බවත් එයට විරුද්ධව පොදු විපක්ෂය කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) කොළඹ පැවති මාධ්‍ය  හමුවකදී එසේ පැවසීය.

වත්මන් රජය මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කර පොලිස් රාජ්‍ය හා ආඥාදායක පාලනයක් කරා ගමන් කරන බව කී ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මාර්ග ගත ආරක්ෂණ පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්මත වූ පනතක් නොවන බවත්ය.

සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කළ ජල හා කඳුළු ගෑස් පිළිකුලෙන් හෙළා දකින බව කී පීරිස් මහතා විපක්ෂ නායකවරයෙක්ට මෙවැනි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඉතිහාසයේ  කිසිදා එල්ල නොවූ බව ද සඳහන් කළේය.

කථානායකවරයා විපක්ෂයේ අදහස්වලට පයින් ගසා මෙම මාර්ගත ආරක්ෂණ පනත සම්මත කරගත් බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට මරු පහරක් මෙන්ම එම පනතින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බවත් පැවසීය. 



අදහස් (4)

නැවත පොදු විපක්‍ෂයක් ගැන කථාවක්

ABARAN Monday, 05 February 2024 02:36 PM

අනේ මහත්තයෝ ඔයා දැන් මි මුත්තෙක් වෙන්න තරම් වයස කෙනෙක් . පාර්ලිමේන්තුවේ අවුරුදු 30 කට වැඩියි. කරපු දෙයක් නැහැ . කියවීම මිසක . මෙදාපාර ඔයා ගෙදර.

:       3       24

Chaminda Monday, 05 February 2024 07:34 PM

අසූ ගණන්වල මැද කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති වෙලා සිසුන්ගේ උද්ඝෝෂණ නිසා දේශපාලන කටයුතු කරන්න ඇවිල්ලා දැනට අවුරුදු 35කට වැඩියි කියලා මතකයි. ඒත් මෙතෙක් කරපු දෙයක් නැහැ දැන් ආයේමත් විගඩමක් කරන්න හදන්නේ මෙතෙක් රටේ පාලනය ගෙනගිය සියලු දෙනාටම ගෙදර යාමට අවස්ථාව උදාකරගෙන කියලා මතක් කරන්න කැමැතියි.. (සමහර විට මහ උළුගෙදර තපින්න වුණත් වෙන්න පුළුවන්) දැන් ඉතින් දැනට විපක්ෂයේ ඔක්කෝමලා එකතු වෙලා පමණක් නොවෙයි ආණ්ඩුව ගෙනයන අයත් බෙදීගියොත් නැවතත් කිසිමදාක මෙතෙක් බලයේසිටි කිසිවෙකුට නැවත නම් බලයක් ගන්න බැහැ කියලා හිතෙනවා...

:       0       0

Hafeel Monday, 05 February 2024 04:01 PM

එදා මේ කතානායක තමයි, එදා මරණ දඬුවම් නියම වූ චොකා මල්ලිට පාර්ලිමේන්තුවට එන්න අවසර දෙනවිට ඔයාත් ආණ්ඩු පක්ෂයේ නේද හිටියේ? ඒ වලාවේ ඔයා ඇයි නිහඬ වුනේ? මතක තියාගන්න රාජපක්ෂලා කරපු හොරකම්, දූෂණ සේරම කලේ ඔයා ඇතුළු ඩලස් ආණ්ඩු පක්ෂයේ ඉඳිද්දී මිස, ඔයාලා ස්වාධීන වුණායින් පසුව නොවේ. ඔයාගේ මහාචාර්ය කමෙන් රටට බරක් මිස කිසිම යහපතක් නැහැ...!

:       1       15

Lelwala Tuesday, 06 February 2024 08:01 AM

පලාත් සභාවට තරග කරත් එන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site