(පැතුම් දර්ශන)
එළ ගවයන් තිදෙනකු සොරාගෙන රුපියල් ලක්ෂ තුනක මුදලකට අලෙවි කළ නාවික හමුදා සෙබළකු හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේදී අද උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සේවය කරමින් සිට නිවාඩු ලබා පැමිණ සිටී හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේම පදිංචි විසි නව හැවිරිදි සෙබළෙකි.
ආහාර ගැනීම සඳහා මුදා හැර සිටි තම එළ ගවයන් තිදෙනකු අතුරුදන් වී ඇතැයි පවසමින් හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ඊයේ (05) පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. තම බිරිඳගේ පාර්ශවයෙන් දෑවැද්දට ලැබුන එළ ගවයන් බව පවසමින් සැකකරු විසින් මෙම සොරා ගත් ගවයන් තිදෙනා හොරොව්පොතාන මුස්ලිම් වලහවිද්දවැව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි.
පසුව සොරකම් කළ ගවයන් තිදෙනා මුදලට ලබා ගත් පුද්ගලයාගේ නිවසේ සිටියදී පොලිසියස් බාරයට ගෙන තිබේ.
සැකකරුගේ නිවසේ කළ සෝදිසි කිරීමකදී ගවයන් විකුණා ගත් මුදලින් ලක්ෂ එකහමාරක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පවසන පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ ජොබ් එකත් මේ එක්කම හබස්...!
ඔව් ඔව් හමුදාවට ගියා කියල පරණ පුරුදු රස්සාව අතහරින්න පුලුවන්ද? ඒ කාලේ ඔය ජොබ් එක කරපු දැන් නිලධාරි වෙච්ච අයත් ඉන්නවාලු.