IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නොවටිනා වැඩ කළ පිටරැටියන් 1955ක් රටින් පන්නයි

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

විදේශිකයන් එක්දහස් නවසිය පනස් පස් දෙනකු (1955) අපරාධ සහ විවිධ දූෂණ වංචා චෝදනා පදනම් කරගෙන පසුගිය වසර හතරේදී (2018-2021) මෙරටින් නෙරපනු( පිටුවහල්) ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

විදේශිකයන් වැඩිම පිරිසක් නෙරපනු ලැබ ඇත්තේ 2019 වර්ෂයේදීය. එම සංඛ්‍යාව 898 කි.

මෙයට අමතරව විදේශිකයන් 678 දෙනෙකු 2018 වර්ෂයේදීත් විදේශිකයන් 249 දෙනකු 2020 වර්ෂයේදීත් විදේශිකයන් 130 දෙනකු 2021 වර්ෂයේදීත්  නෙරපනු ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

විදේශිකයන් එකසිය තිස් දෙනෙකු පසුගිය වසරේදී නෙරපනු ලැබ ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන 505ක ප්‍රතිඵල අනුව බව එම වාර්තාවේ දැක්වේ.

මෙසේ නෙරපනු ලැබූ වැඩි පිරිසක් ඉන්දියානුවෝ වෙති. එම සංඛ්‍යාව 92කි.

එමෙන්ම නේපාල ජාතිකයෝ නව දෙනෙක්ද නයිජීරියානු ජාතිකයෝ හත් දෙනෙක්ද පාකිස්තාන ජාතිකයෝ හය දෙනෙක් ද රුසියානු ජාතිකයෝ පස් දෙනෙක් සහ  මාලදිවයින ජාතිකයෝ දෙදෙනෙක්ද නෙරපනු ලැබූ පිරිසට ඇතුළත් වෙති.



අදහස් (2)

නොවටිනා වැඩ කළ පිටරැටියන් 1955ක් රටින් පන්නයි

ganegoda Monday, 26 December 2022 08:13 PM

අපේ රටේ රජතන්ත්රිකයන් වගේ ඉන්න හෙරොයින් මුදලාලිලා, පන්නන්නේ කවද්ද.?

:       0       5

asela09 Tuesday, 27 December 2022 03:31 PM

ලංකාවේ ජීවත්වන විදේශිකයින්ගේ හෙරොයින් ජාවාරම් නිසා හුඟාක් රටවල්වලින් ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන නින්දා අපහාස අඩු හෝ නැතිකරන්න නම් මේ අපේ රටේ පැලපදියම් වෙලා ඉන්න හෙරොයින් මුදලාලිලා නෙරපා දැමිය යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site