(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානියට වන්දි ලෙස ඩොලර් මිලියන 3.6 ක් හෙවත් රුපියල් කෝටි 72 ක මුදලක් රජයට ලැබුණු බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැසුවාය.
මෙම වන්දි මුදලින් ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 40 ක් ධීවරයන්ට ලබාදීමට නියමිත බවත් ඉතිරි මුදලින් කොටසක් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) ලැබීමට නියමිත බවත් දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවන පරිසර හානිය නැවත යථා තත්වයට පත්කර ගැනීමට අවුරුදු 500ක් ගතවිය හැකි බව හුඟක් රටවල් වලින් තක්සේරු කරලා තියෙනවා. ඊට හේතුව තමයි ... මේ නැව ප්‍රවාහනය කරමින් තිබුණු රසායනික ද්‍රව්‍ය. මේ රසායන ද්‍රව්‍ය දිරාපත්වෙලා, වසවිස නැතිවෙලා අපේ රටටත්, මුහුදු ජීවීන්ටත්, ධීවරයින්ටත් හිතකාමී පරිසරයක් වෙන්න මේ අවුරුදු 500 ගතවෙයි.
ලංකාවේ බොහෝ මිනිස්සුන්ට නැති දෙයක් තමයි "ආත්මගරුත්වය" කියන්නේ. හැබැයි බොහෝ දෙනෙකුට බොරු "ආත්මාභිමානය" තියෙනවා. ගිනිගත්ත නැවේ ප්රශ්නයේදී මේ " සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ " සභාපති වහාම ඉල්ලා අස්විය යුතුව තිබුණා. ඒ ඇය ඇයට පැවරී තිබූ රාජකාරිය හරියට ඉටුකිරීමට අපොහොසත් වීම නිසයි. අපේ මුහුද විනාශවෙනකම්ම මෙයා ඇතුළු කට්ටිය කතන්දර කියමින් බලාගෙන හිටියා. අන්තිමේදී වන්දි ගැන කතාකරනවා. ඩොලර් මිලියන 3.6 කින් අපේ මුහුදේ සිදුවුණු පරසර විනාශය යටගහන්නද දන්නේ නැහැ මෙයා හදන්නේ. සමහරවිට මෙයාට වෙනම ඩොලර් මිලියනයක් පමණ ලැබුණාද දන්නෙත් නැහැ. මේ දූෂිත රජයත්, ජනාධිපතිවත් බලයට ගෙනෙන්න දර දිය ඇද්ද කෙනෙකු වන ඇය සමාජයට මුහුණ දෙන්නේ ඇඳිවතක් ඇතිවද..? අනාගත රජයක් යටතේ මැයට විරුද්ධව චෝදනා ගොනු කොට, නීතිය ඉදිරියට පමුණුවන්න විපක්ෂය සූදානම්ද...?
හරියට රුපියල් දාහක් ඉල්ලලා රුපියලක් ලැබුණා වගේනේ...