(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.
මේ හේතුවෙන් සමස්ථ විශ්ව විද්‍යල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරුන් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල යන සියළු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සිය වගකීමක් බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ පළමු වසර සිසුන්ට ඔරලෝසුවක් අත පැළැදීමට නොහැකි බවත් සිසුවියන් චීත්ත ගවුම ඇඳ පැමිණිය යුතු බවත් ඔහු පැවසුවේය.
මේ සභාවේ කිව නොහැකි තවත් දේවල් සිදුවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පද්ධතියේ නවක වදය බරපතළ තැනකට පැමිණ ඇතැයිද ප්‍රකාශ කළේය.
සාමය නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආදිපත්‍ය, ජාතික ආරක්ෂාව නැති තැත වෙන කිසිවක් නොරැඳෙන බවද ඇමතිවරයා පැවසීය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සඳහන් කළේය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.
ජාතික පුවත්පත් සියල්ලම පාහේ අද මේ සම්බන්ධයෙන් වාර්තාකරලා තිබෙනවා. මේ පීඨාධිපතිතුමා මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා, “ගෝඨා ගෙදර යැවු අපට ඩීන් කජ්ජක්ද“කියලා ඔවුන් තර්ජනය කරලා. මේක බරපතල තත්ත්වයක්.විපක්ෂනායකතුමා මහපොළොවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉල්ලා සිටිනවා. හැබැයි ශිෂ්‍ය සංගම් විශ්ව විද්‍යාල ඇතුළේ ගෙනියන්නේ ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම. පාතාලය.විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකුට ඔරලෝසුවක් අතේ දාගෙන එන්න බැහැ. ඔරලෝසුව අතේ දාගෙන ආවොත් කකුලේ බඳිනවා.සිසුවියන් චිත්ත ගවුම් අදින්න ඕන. කරාබුවක් , මාලයක් දාන්න බැහැ. මෙතන කියන්න පුළුවන් දේවල් තිබෙන්නේ ඔච්චරයි. නවක වදයට එහා ගිය බරපතල තත්වයක් විශ්ව විද්‍යාල ඇතුළේ තිබෙන්නෙ. ශ්‍රී ලාංකීය සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්ය, මහාචාර්වරු,වගේම විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ආරක්ෂාව අපිට පැවරිලා තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නවක වදය දීලා පුරුදු කිහිප දෙනෙක් එංගලන්තයටත් ආවා වැඩිදුර අධ්‍යාපනය කරන්න. ඒ කාලයේ මම ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ... අපේ සිංහල කණ්ඩායම එකමුතුව ඉන්නකොට කැන්ටිමේ එකට ඉඳගෙන කෑම කන ගමන් මේ කිහිප දෙනා ඇවිල්ලා " පටන් ගමු මෙහෙත් නවක වදය " කියලා සිංහලෙන් කෑගහලා ඔවුන් හිස්පිඟන් අරන් ඇවිල්ලා, අපි සල්ලි ගෙවලා ගත්තු චිකන් කෑම ඔවුන්ගේ පිඟන්වලට බලෙන් දාගෙන කෑවා..! අපි බයෙන්ම නිශ්‍ශබ්දව නිහඬ වුණා... ආව වැඩේ කරගෙන ලංකාවට යනවා කියලා... සතියක් විතර මේ පාහර වැඩේ ඔවුන් කළා. ලංකාවෙන් විශ්ව විද්‍යාල ඉගෙන ගන්න එන සිංහල අයට කුලියට නවාතැන් දීලා තිබුණේ දෙමළ අය... හේතුව ඒ අයට ඒක අමතර ආදායමක් නිසා. ඒ දෙමළ අය මේ ප්‍රශ්ණය දැනගත් දවසේ කැන්ටිමට ඇවිල්ලා කීවා මහත්තයා වැඩේ කැතයි. වෙන රටවල ඉගෙන ගන්න අයත් ඉන්නවා නේද..? බලන්න ඒ අය ඔය වගේ හැසිරෙනවද කියලා.. ඔවුන් ඒත් නැවැත්තුවේ නැහැ. පසුව දවසක කැම්පස් ඉවර වෙලා රෑ කලුවරේ ඔවුන් යන ගමන් ඔලුව වහගෙන ගිය දෙමල්ලු ඔවුන්ව අල්ලලා අත් ගඩොල් බැම්මක් උඩ තියලා ගඩොල් වලින්ම ගහලා තලලා දැම්මා..! ඒක පසුදා එංගලන්තයේ පත්තරයේත් පළවුණා! අන්න නවක වදය " අත් තලලාම " නැවැත්තූ හැටි...!
විශ්ව විද්‍යාල ඇතුළේ විනයක් තිබිය යුතුයි. පහළ බාලාංශවල දරුවන් එයාලාට වඩා හොඳින් හැසිරෙනවා. රස්තියාදු කාරයින්, කුඩු කාරයින් වගේ ඉන්නේ. මහපොළ ආධාර අරගෙන අරක්කු බීලා ආණ්ඩුවලට විරුද්ධව පාරට බහිනවා. නවක වදය කියලා කරන්නේ කායික මානසික සහ ලිංගික හිංසනය. නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කර මේවා නතර කළ යුතුයි. විනයක් නැතිව මොන උපාධි ගත්තත් වැඩක් නෑ.
නවක වදය විශ්ව විද්‍යාලවල තිබ්බේ අද ඊයේ නෙමෙයි. නමුත් දැන් මේ නවකවදය උලුප්පලා පෙන්නලා මෙතැන ආණ්ඩුව කරන්න හදන්නේ විශ්වවිද්‍යාලයීය සිසුන්ව මර්දනය කරන්න. මොකද ඔවුන් තමයි පහුගිය කාලේ අරගලයේ ඉදිරියෙන්ම හිටියේ.. රට බංකොළොත් කරපු පොහොට්ටුවේ හොරුන්ට යන එනමන් නැති වුණු එකේ පලිය තමයි මේ ගන්න හදන්නේ...!
පළමුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආදර්ශමත් විය යුතුයි! අවම වශයෙන්, පෙර සහ දැන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කරන්න.