(ඉන්දිකා රාමනායක)

ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු  තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවර  පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා යාත්‍රාවක ධීවර යාත්‍රාවක් හප්පා  අලාභහානි සිදු කළැයි කියන ධීවරයන් තිදෙනෙක් ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

නාවික හමුදාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අදාව  මෙම ධීවරයින් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බැක්බේ මුහුදු සීමාවේ දී ධීවරයන් පිරිසක් තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුත‍ෙවල නිරත වන බවට නාවික හමුදාවට නිරීක්ෂණය වීමේ පසු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට අයත් පී 115 දරණ වෝටර් ජෙට් යාත්‍රාව එම ස්ථානයට ගොස් තහනම් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර යාත්‍රාව අත්අඩංගරැවට ගැනීමට සූදානම් වු අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ එම මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා 35 පමණ තිබී ඇති අතර, ඔවුන් අතරින් පිරිසක් නාවික හමුදා රාජකාරියට බාර කරමින් සැකකාර ධීවර යාත්‍රාවේ සිටි පිරිස අත්අඩංගුවට ගැනීම වලක්වා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

එහි තිබු එක් යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවේ ගැටීමට සැලැස්වීමෙන් නාවික හමුදා යාත්‍රාවට හානි සිදුව ඇත.