(යොහාන් භාසුර)
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් හයක් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීමට බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල තවලම ප්‍රදේශයට සහන කණ්ඩායම් 02ක් ද යොමු කළ බවත් රත්නපුර, කලවාන පොතුපිටිය මාර්ගයේ දෙල්ගොඩ පාළම අවට ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම මඟින් මේ වන විට දරුවන් ඇතුළු විශාල පිරිසකට සහන සලසමින් සිටින බවත් නාවික හමුදාව කීය.
අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 3 ක්, දකුණු නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 8 ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18 ක් සූදානමින් සිටින බව ද නාවික හමුදාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නාවික හමුදාව සහන මෙහෙයුම් අරඹයි