( ලලිත් නවරත්)
ඇදිරිනීතිය නොතකා අයුතු ජනරාශියක් අවමංගල්‍ය උත්සවයකට සහභාගී කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයා ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.
සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත් මැයිමස 26වන දින නැවත සැකකරුට අධිකරණය් පෙනී සිටීමට නියෝග කළේය. .
මෙසේ ඇපමත නිදහස් කරනු ලැබුවේ ආරච්චිකට්ටුව ප්‍රාදේශි යසභාවේකරුක්පනය කොට්ඨාස එ. ජා. ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රනාන්දු නැමැත්තාය .
ඉකුත් 28දින ඇදිරිනීතිය පැවත්වෙන කාලසීමාවතුළ එම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට 30ට අධික පිරිසක් ඒකරාශිකරමින් ආගමික කටයුතු සිදුකරමින් සිටියදී එම අවස්ථාව වලක්වාලිමට කටයුතුකළ නාවික හමුදා නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන ඔවුන්ගේ රාජකාරියට බාධාඇතිකර ඇති අතර අදිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරයාව අත්අඩංගුවටගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අය තාම ගෙදර ඇරියේ නැද්ද?
මොනවට උසාවි ගෙනිච්චද....? ඔලුවටම තියලා දාන්නයි තිබුනේ... අනික රටට වැදගත් එකෙකුත් නොවෙයිනේ. අපේ රට හොරාකන එක විතරය් කරන්නේ. ඒ අය තමයි නියම හිඟන්නෝ.
මෙවන් අවදානම් අවස්ථාවක මහජනතාවගේ ආරක්ෂාවට බාධා වන ලෙස හැසුරුණු මෙම " ප්‍රාදේශීය සබාවේ වසු පැටියාට " උපරිම දඩුවම් නොලැබීම පිලිබදව අපගේ බලවත් කනගාටුව. අප එසේ සදහන් කරන්නේ " මෙම දියවන්නඔයේ පට්ටියේ සාමාජිකත්වය " අනාගතේ කිසියම් දිනක ලබාගත්තොත් කෙසේ මහජනතාවට කරදරවන ලෙස හැසිරේද යන පැනය අපගේ සිත්තුල බුර බුරා නැගෙන බැවිනි. නීති දෙවගන ඉදිරියේ එම පැනය නොනැගුනේ මන්ද? කිසිදු අධ්‍යාපනයක් නොලැබුණු නුගත් අපගේ සිත්වලට එන එම පැනය උගත් බුද්ධිමත් සුදු සරම් ඇදගත් උන්දලාගේ සිත්වලට නොපැමිණියේ මන්ද?
300 ඉදිරිපිට වීරයෙක් වෙන්න හදන්න ඇති. අහන්න දෙයක්ද පළාත සබැ කාරයෙක් ඔහොම කරන එක උගත් යයි අපි හිතුව නීතිඥය මන්තිරියෙක් නුවර එළියේ අනවසර ගොඩනැගිල්ලක යකා නටුවේ වීරයෙක් වෙන්න.