
(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව කුඩා ගල්ලිදවැව ප්‍රදේශයේ නිවසක් තුළ උදැල්ලකින් පහරදී නාවික හමුදා බෑන නැන්දම්මාව ඝාතනය කර ඇතැයි වාහල්කඩ පොලිසිය පවසයි.
53 හැවිරිදි වියේ පසුවන තිදරු මවක් වන කේ.ඩබ්ලිව්. රීටා ජනෙට් නමැති කාන්තාවක මෙසේ ඝාතනය කර ඇත.
මෙම කාන්තාවගේ වැඩිමහල් දියණිය සහ ඇයගේ විවාහක සැමියා අතර කලක් තිස්‌සේ පැවති ගැටුම් හේතුවෙන් එම දියණිය සැමියා අතහැර මවගේ නිවසට පැමිණ ජීවත්වෙන බවත් සිද්ධිය වූ ඊයේන රාත්‍රියේ 07.45 ට පමණ නිවසට පැමිණ ඇති ඝාතකයා උදැල්ලකින් තම නැන්දම්මාගේ හිස සහ මුහුණ ප්‍රදේශයට පහර දී ඇති බවත්,ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා, බිම ඇද වැටී ඇති ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බවද පොලිසිය සඳහන් කළේය.
උදැල්ලකින් ප්‍රහාරය එල්ල කර නැන්දම්මා ඝාතනය කළ සැකකරු ගාල්ල ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සේවය කරන නාවික හමුදා බටයෙක් බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරා දැමීම නැතත් සමහරක් ත්‍රිවිධ හමුදා නිලධාරි තමන්ගේ බිරිඳ ගැන සැලකීමක් නැතුවද බොහෝවිට හමුදා නිලධාරි බිරින්දෑලා කොපමණ දුරක සිටියත් තමන්ගේ මවගේ ගෙදර ඇවිල්ලා ජීවත් වෙනවා... එහෙම කීපයක් දකින්නට ලැබෙනවා. මේ ගැන ඒවායේ ප්‍රධානීන් සොයාබලා කටයුතු කලොත් හමුදා සාමාජික පවුල්වල දියුණුව ඇතිවේවි ෆොන්සේකා මැතිතුමා කියපුවා නොකිරීම නිසා මෙහෙම වෙන්න පුළුවන් ඇති...
රොඩ්නිගේ සින්දුව මතක් වුණා.