(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වෙමින් සිටියදී හම්බන්තොට සිට නාවික සැතපුම් 390 ක් පමණ ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයන් 55 ක් මුදාගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි
එම පිරිස හම්බන්තොට වරායට අද (12) රැගෙන ආ බවත් ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පාවෙමින් තිබෙන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම් දීමකට අනුව එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් නාවික හමුදාව පවසයි.
එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාවේ පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශය වෙත සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුමක් සඳහා පිටත් කළ බවත් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පැවති අධීක රළු ස්වභාවය හමුවේ ඉතා අවදානම් ලෙස පාවෙමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ජාවාරම්කරුවන් 05 දෙනෙකු සමඟ පිරිමි පුද්ගලයන් 46 ක්, කාන්තාවන් 3 ක් සහ ළමයින් 6 ක් ඇතුළු පුද්ගලයන් 55 ක් නිරුපද්‍රිතව බේරාගත් බවත් නාවික හමුදාව පවසයි.
මෙම අනවසර සංක්‍රමණය සඳහා යොදාගත් ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදේදී කුණාටුවකට යාත්‍රාවේ බඳට සිදුවූ අලාභහානි හේතුවෙන් මුහුදු ජලය යාත්‍රාව තුළට කාන්දුවී යාත්‍රාව ගිලීයාමේ අවදානමට ලක්ව තිබූ බවත් දින කිහිපයක් ගැඹුරු මුහුදේ අතරමංව ආහාර සහ ජලය හිඟවීමෙන් එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙක් මුදවා ගන්නා අවස්ථාව වන විට අසාධ්‍ය තත්වයෙන් පසුවූ බවත් නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන්ට පරාක්‍රමබාහු නෞකාව තුළදී අවශ්‍ය ප්‍රථමාධාර හා අනෙකුත් පහසුකම් ලබාදෙමින් හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව කී නාවික හමුදාව ආපදාවට ලක්වූ බහුදින ධීවර යාත්‍රාව තුළට අධික ලෙස මුහුදු ජලය කාන්දු වීම හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව අතහැර දැමූ බව ද සඳහන් කළේය.
නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 3 ත් 54 ත් අතර වයසේ පසුවන මෙම පිරිස ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, කිලිනොචිචිය, මුලතිව්, යාපනය සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගනා ගත් බවත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදීමට නියමිත බවත් නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නාවික සැතපුම් 390ක් ඈත මුහුදේ කුණාටුවක අසුවූ 55 බේරා ගැනෙති