
(ගයාන් සූරිය ආරච්චි )
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගනුම ලබන අවුරුදු 24 ත් 26 අතර වයස් වල පසු වන සිසුන් පිරිසකි.
සැකකාරියන් සහ සැකකරුවන් 2021 සහ 2022 වසර වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසකට නවක වදය ලබා දී ඇතිබවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධ පැමිණිලි විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් ඊයේ(03) අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරපීඩක මානසිකත්වයෙන් පෙළෙන මේ අමන රැලත් මහින්දානන්ද, ශෂීන්ද්ර, නලින් ප්‍රනාන්දු, කෙහෙලිය, ලන්සා සමඟ එකට ඈඳා සිරගත කළොත් නරක ද? මේවා සරසවිවලට බෝ කළේ වත්මන් ආංඩුවෙ අයම නිසා ඒවා එලෙස වේ දැයි සැක සහිතය.
24 - 26 කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයේ ඉන්න සාමාන්‍ය සිසුවන්ද?
කිසිඳු සමාවක් නැතිව වහාම ශිෂ්‍යභාවය සදහටම අහෝසිකරපල්ලා. තවත් නැලෙව්වොත් මේ රට කවමදාකවත් හැදෙන්නේ නෑ. අපි ජෝඩුව වාගේ රටකාපු එවුන්ගේ කක්කා හෝදන බත්කන හරක් විතරක් මේ රටේ තව තවත් බෝ වේවි. බත්කන හරක් බෝ නොවේවා
ශිෂ්‍යභාවය අහෝසි කල යතුයි , රජයේ රැකියාවකට නොගත යුතුයි, මෙවැනි මානසික අසහනකාරීන්, සමාජයෙන් ඉවත්කර දැමිය යුතුයි
වැරදිකරුවන් බවට එකඟ වුවහොත් මුන්ගේ ශිෂ්‍යභාවය වසර 10කට අත්හිටුවන්න.
නියමයි නවක වදය ලංකාවෙ සරසවිවලින් තුරන්විය යුතුමයි . මේ කරන්නේම මන්දමාන්සික සමාජයේ ගමේ නගරයේ කිසිම පිලිගැනීමක් නැති කුජීත යෝ මුන්ගෙ ශිෂ්‍යභාවය අත් හිටුවන්න ඕනි
රටේ දැනට පවතින නිතිය අනුව කටයුතු කර අධාල සිරදඩුවම් නියම කරන්න සරසවි සිසුන් කියල ලිහිල් දඩුවම් දුන්නොත් මේ ප්‍රශ්නේ ඉදිරියටත් නතර කරගන්න බැහැ , වැරදි කරුවන් වුනොත් ශිෂ්‍ය භාවය කොහොමත් අහෝසි කරන්න ඕනේ , පසුගිය දශක 4-5 තුල ජිවිත සියගණනක් නැතිවුණා , දහස් ගණනක් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්ත මේ මල ඉලවු නවක වදය නිසා