IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නව සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්

(අංජුල මහික වීරරත්න)

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර  ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට කටයුතු කරන බව ද පැවසීය. 

එම අධ්‍යාපන ක්‍රමවේදය සැලසුම් කිරීම සඳහා නව අමාත්‍ය කමිටුවක්  අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගෙන් එම කමිටුව  සමන්විත බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයේ "රහල් සියවස් ප්‍රතාප" සියවස් සැමරුම් උත්සවයට අද (25) පෙරවරුවේ එක් වෙමිනි.

 "රහල් සියවස් ප්‍රතාප " උත්සවයට සමගාමීව විද්‍යාභිමානී අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ කලා උළෙල පුරා දින තුනක් විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

 මාතර රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. විදුහල්පති මේජර් සුදත් සමරවික්‍රම මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර "රහල් සියවස් ප්‍රතාප " සමරු සංග්‍රහය ද පිළිගැන්විණි. 

විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන යොනාල් මෙවිදු සිසුවා විසින් එම අවස්ථාවේදීම සිතුවම් කරන ලද ජනාධිපතිවරයාගේ රුව සහිත  ආලේඛ්‍යය චිත්‍රය ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. 



අදහස් (3)

නව සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්

Perera Wednesday, 26 April 2023 06:20 AM

නව සියවසට ගැලපෙන්න මෙයයි අර දියවන්නාවේ අරක් අරන් ඉන්න අනිත් 70 පැනපු මහල්ලෝ ටිකයි තරුණ අයට භාර දීලා ගෙදර යන්න ඕන

:       0       1

swene Wednesday, 26 April 2023 06:42 AM

සාමාන්‍යයෙන් මෙවැනි කමිටු වල ඉන්නේ ඉතා හොඳ දැනුම, පළපුරුද්ද සහිත විද්වත්තු. අපේ කැබිනට් එකත් එවැනි අයගෙන් පරිපුර්ණ නිසා කමිටුව නියම සැලසුමක් හදාවි නේද ?

:       0       2

දියවන්නාවේ කිබුලා Wednesday, 26 April 2023 10:07 AM

ඔය දියවන්නාවේ අලි සහ නරි නාවන සල්ලි ඉස්කෝල වලට දුන්නානම් යහපතක් වෙයි... V8 එකක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් ඉස්කෝල සීයක විතර ලමයින්ට පොත් අරන් දෙන්න පුලුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site