(ඩයනා උදයංගනී)
ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වන බව වාර්තා වේ.
නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාක්‍ෂිකයන්ගෙන් එල්ල වී ඇති විරෝධය ආදී කරුණු සලකා සන්ධානයේ රැඳී සිටින්නේ ද නැද්ද යන්න ගැන පක්‍ෂය සාකච්ඡා කරමින් සිටින බව මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසීය.
එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට අවශ්‍ය වුවහොත් පක්‍ෂය ඒ සඳහා සූදානම් බව ද ගුණසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලිකොප්පරේ යාන්ත්රික දෝශයක් නිසා පලමු පියසැරියේදීම බිමට පතබෑවේ. මට නං හිතෙන්නේ නියමුවාගේ දෝශයක්.