(ඩයනා උදයංගනී)

නව සේද මාවත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආසියා ප්‍රගති සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (19) පැවැත්විණි.

නව සේද මාවත ව්‍යාපෘතිය යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති, එම ව්‍යාපෘති මගින් මෙරට ආර්ථිකයට හා ජන ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ, එම ව්‍යාපෘති වඩාත් ඵලදායී ලෙස තවදුරටත් ක්‍රියාත්මක කිරීම ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආචාර්ය වගීෂා ගුණසේකර මහත්මිය මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, මහාචාර්ය සමිත හෙට්ටිගේ, ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, කසුන් කාරියවසම් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ, ජයන්ත සමරවීර යන මහත්වරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ