(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් විශාල සංඛ්‍යාවක් අද (31) දිනයේ විශ්‍රාම යන බැවින් දුම්රියස්ථාන රැසක සේවා අඩාලවන බවත් එම සේවා අඩාල වීම මත මගී ජනතාව කිසියම් ආකාරයේ බලපෑමක් හෝ ගැටුම්කාරී තත්ත්වයකට යොමු වුවහොත් දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
රඹුක්කන දුම්රිය ස්ථානයේ පමණක් කණිෂ්ඨ සේවකයන් පස් දෙනෙකු අද දිනයේ විශ්‍රාම ලබන බවත් ඒ සඳහා අවශ්‍ය වන බඳවා ගැනීම් කර නොමැති වීමෙන් එම දුම්රි ස්ථානය සේවා රැසක් අත්හිටුවීමට සිදුවී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා ලිපියේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද සපයන සේවා...? හරියට අතුගාන එකවත් කරනවාද? වැසිකිළියකට යන්න පුළුවන් තත්වයක තියනවාද? වැඩි පිරිසක් නිකන් ඉන්න... මාර්ගය අළුත්වැඩියා කරන කම්කරුවන් විතරයි මහන්සි වෙන්නේ... ටිකට් පරීක්ෂකලා ඉන්නවා... 2 වැනි පන්තියේ මැදිරි ටිකවත් බලනවාද? ආරක්ෂක අංශය කියලා තව පිරිසක් ඉන්නවා නිකම්මයි ඉන්නේ හිඟන්නන් ටිකවත් ඉවත් කර ගන්න බෑ...!
ආරංචියේ හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයත් අඩාලයි. අධ්‍යාපන පරිපාලන සේවාව විශේෂ ශ්‍රේණිය නිලධාරීන් 13 සිටිය යුතු වුණාට දැන් ඉන්නේ 3 දෙනයි. ඉහළ පුටු රාශියක් හිස්. පළාත් අධ්‍යක්ෂකවරුනුත් නැහැ.
දුම්රිය පමණක් නොවේ, සේවකයන් සිටියත්, නැතත් මුළු රාජ්‍ය සේවයම අදාළයි.
මෙය පුද්ගලීකරණය කරන්න. ටිකට් දීමෙදී සිට වෙන රටවල සියල්ල ඩිජිටල් වී ඇත. ඉන්නා සේවකයින්ගෙන් භාගයකින් මෙය පුද්ගලික අංශය දුවවයි..