IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය විවෘත කෙරේ

(ඩයනා උදයංගනී)

 පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීම  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ සිදුකෙරිණි.

කුමාර වෙල්ගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව පක්‍ෂයට සුබ පතන අතර, මෙම පක්‍ෂයට දීර්ඝ ගමනක් යාමට අවශ්‍ය නම් දූෂණයෙන් තොර රට ගැන සිතන පුද්ගලයන් පමණක් එයට එක්කරගත යුතු බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙහිදී පැවසුවාය.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව ලංකා නිදහස් පක්ෂයේ‘ නියෝජ්‍ය සභාපති ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග කටයුතු කරන අතර මහ ලේකම්වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් වරාගොඩ මහතාය.

මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා පැවසුවේ මෙම පක්‍ෂයට ඉදිරියේදී තවත් පිරිස් එක්වීමට සූදානමින් සිටින බවයි.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (4)

නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය විවෘත කෙරේ

APE DESHAYA Monday, 05 September 2022 02:22 PM

අපේ හිටපු ගරු ඇමැතිතුමා ආදරණීය, පුතණුවන්ට පිය උරුමය අතපැන් වත්කළ වගයි.!

:       5       13

Krishan Monday, 05 September 2022 02:51 PM

නව ලංකා නිදහස් පක්ෂයට හා එහි නායක හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට උණුසුම් සුබපැතුම් එක් කරනවා... දූෂණයෙන් තොර පාලනයක් රට තුළ ස්ථාපිත කිරිමට... ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට...

:       17       13

ravin Monday, 05 September 2022 03:54 PM

හොඳ අදහසක්..., යස අදහසක්... ඒත් පහුගිය කාලේ තනතුර වෙනුවෙන් ලබාදුන් රාජ්‍ය නිවසක දිගුකලක් රැඳී සිටි අයත් එකතු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න කවදාද ඉවත් වූයේ කියා..? එතැනම දූෂණය නේද?

:       1       12

Bamunuarachchi Tuesday, 06 September 2022 08:31 AM

මේ ඉන්න සුළු කාලයට දුරගමන් යන්න ලැහැස්තිවෙන්නේ නරකද පිනක් දහමක් කර ගෙන ෂුවර් එකටම යන්න තිබෙන ගමනට ලහ්ස්තිවීම? දේශපාලනයේ නන්නතාර උන ගොයියන්ට අමබලම් හැදිල්ලක් මේ සිද්ද වෙන්නේ. අන්තිමේදී මහා ගෙදරට සුළු ජාතිකයෝ රිංගා ගන්නවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site