(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය.
එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම් වලින් පැන යන්නේ නැති අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව අවධාරණය කළේය.
ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිලින්ඩරේ හිස්. ඔයා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න සීයේ...!
ගෑස් සිලින්ඩයට පාර්ලිමේන්තු බලය නොලැබුණොත් රට වැටෙන බව ස්ථිරවම කියන්න පුළුවන්ද? රට බේරාගැනීම පහසුවෙන්ම මාලිමාවේ කට්ටිය කරනු ඇතැයි විශ්වාස කරමු...
ඔයා කියන විදිහට, ඔයාටයි, ඔයත් එක්ක වැඩකරපු හොරු, තක්කඩි රැලයි, නැතිව මේ රටට ගමනක් ඇත්තෙම නෑ. ඔය සෙට් එක හදිසි අනතුරකින්වත් හදිසියේම මැරුණොත්, ලංකාවට අබ සරණයි. එහෙමද?
අපොයි අපෝයි.. ඒ අය නම් එපෝ මේ ඉන්න විදිය හොඳයි..., පළපුරුදු කියන එක ගැන හරියට අර්ථ කථනයක් දෙන්න. එතකොට ඔය පළපුරුදු කියන කට්ටියගේ කටවල් ඉබේම වැහෙයි. පරාදවෙලා ගෙදර ඉඳගෙනත් බිල්ලන්ගෙ කතන්දර නතර කරලා නැහැ වගේ සීයා...!
අදට වඩා හෙට අගෙයි රනිල්...
හොර සෙට් එකට ආයෙ ඡන්දෙ දෙන්නේ නෑ.
ලංකාවට අමාරු කාලෙත් හොරකම් කරපු ... සෙට් එකට ඡන්දෙ දෙන්නලු.
රැස්වීමකට මිනිස්සු හොයා ගන්න බැරිඑකා කාමර ඇතුලට වෙලා ඡන්දෙට විශේෂ ප්‍රකාශ නිකුත් කරනවා. මිනිහා ළඟ ඉන්න අයට අත්දැකීම් තියෙන්නේ හොරාකාලා. ඔවුන් ටිකම පත් කරන්න කියලා තමයි මේ කියන්නේ..!
මොනවා කරන්නද මහත්තයෝ ඔබ කියන්නේ තිත්ත ඇත්ත. අපේ රටේ බහුතර ජනතාවට එම ඇත්ත තේරුම්ගන්න බැහැනේ. එදත් අදත් මතුවටත් එය එහෙමයි. ඔබේ වරද ඔබ පසුගිය වසර දෙකේදී කළ දේ නිසි පරිදි ජනතාවට තේරෙන බසින් සන්නිවේදනය කරන්න ඔබ අපොහොසත් වීමයි. මමත් මාලිමාවට ඡන්දය දුන් කෙනෙක් වුණත් මට තේරෙන ඇත්ත කියන්න එපැයි...
අනේ රට වැනසූ පිනෝ, උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. සුඛෝපභෝගී වාහන රොත්ත බාරදීලා ගෙදරට වෙලා ඉන්න.
ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන...?
සීයාට විතරමද lMF එක අවවාද අනුශාසනා කරන්නේ? සීයා රට විකිණීම ගැන පලපුරුදු කාරයා... ඒ වුණාට නාස්තිය, දූෂණය ගැන වගේ වගක් නෑ...
අනේ සීයේ... ඔයා මේ පාරත් ඇපත් නැතිව යන්නේ. ඔයාගේ කයිවාරු සාගලට කියන්න.
අනේ ඔය කණ්ඩායම ගෙදර ගෙනිහින් තියාගන්න..
නව ජනාධිපති සහ නව රජය ඒවා බලා ගනීවි. සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරය ඔබව ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරණ තුනක් පරාජය වූ, ලංකාවේ බිහු වූ අසාර්ථකම දේශපාලඥයා. දැන්වත් යථාර්තය තේරුම් අරන් ගෙදර යන්න.
තව පාරක් මහ බැංකුව කැඩුවොත් සියයට එකක් ආර්ථික වර්ධනයක් ගත හැකි පළපුරුදු හොර නඩයක් ඔබතුමා වටේම ඉන්නවා. මහින්ද මහත්තයා හොඳ නැතිද ඔය වැඩේට.
අත්දැකීමක් තියෙන අය අවුරුදු 76ක් මොනවද කළේ?
දැන් මේ සතියෙන් සතිය බැඳුම්කර විකුණ විකුණා ණය ගන්න තාලෙට 2028 නෙවෙයි, 2058 දී වත් 15%ක ඉල්ලක්කයට යන්න බැරි වෙයි.
අත්දැකීම් සහිත මිනිස්සු කරපු දේවල්ර නිසා නේ රට මේ තරම් අගාධයකට ඇද වැටුනේ. තව දුන්නත් ඔච්චර තමයි. රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කද්දිත් හොරා කාපු අත්දැකීම් සහිත උදවිය ගැන රටම දන්නවා නේ.
රට මේ ආර්ථික අර්බුදයේ ගොඩ යන්න නම් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිතුමාගේ අදහස් යෝජනා සහ ඔහුගේ උපදෙස් මත තව අවුරුදු 5 රාජ්‍ය පැවැත්ම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එසේ නොමැතිව රටේ බංකොලොත්භාවය බේරාගන්න නොහැකි. සොරි තමයි.
ඔවුන් ඒක කරගනී නියමෙට... තාම කියන්නේ ආයේ නූගත් මෝඩ මූසල පල්හොරු පාර්ලිමේන්තුවට ගේන්න එපා කියලද?
ලංකාවේ මිනිස්සු මහ අමුතුම ජාතියක්... මැතිතුමා ඉතින් ඕවා කියලා තව තවත් සවුත්තු වෙන්න එපා. අපිට හරි දුකයි. ඒ නිසා දැනට මිනිස්සු වැළඳගෙන සිටින මාලිමාවට කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න මැතිතුමා... මිනිස්සු හිතාගෙන ඉන්නවා පාසලේ පංතිභාර කමක්වත් නොකළ ගුරුවරුන්ට පවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙලා රට හදන්න පුළුවන් කියලා නළුවෝ නිළියෝ වෙලා හරියට තමන්ගේ දරු පවුල සමග ඉන්න උන්දැලා හිතාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ මංත්‍රී කෙනෙක් වෙලා රට හදන්න පුළුවන් කියලා.. තවත් කෙනෙක් කියනවා ඔඩිට් එකේ සේවකයින් සියයට අනූවක් විතර එක පැත්තක අය නිසා ඔවුන්ගේ අදහස නිවැරැදියි කියලා.. ඔවුන්ට ඡන්දය දෙන්න කියනවා... ඒ නිසා මැතිතුමා කිව්වා නාහන එකා ඉහළ ගියොත් එහෙමයි, පහල ගියොත් එහෙමයි කියලා... ටිකක් විවේකයක් ගන්න මැතිතුමා හදන්න බැරි එකාලා හදන්න බැහැ කියලා හිතාගන්න ඉස්සර මිනිස්සු හදන්න බැරි එකා කෝවෙ දාලා මකලාවත් හදන්න බැහැ කිව්වේ ඕක නිසා තමයි...
අයිසේ රනිල්.. තමුසේ මේක කෑව හරිය හොදටම ඇති. තවත් ගොන් ආතල් නොදී ගිහින් නිදාගනින්.
ඔබගේ පල්හොර කණ්ඩායම නම් ආයි එපා පාර්ලිමේන්තුවට. මතක හිටින පාඩමක්. ඒ කම්බා හොරුන්ට මහජනතාව උගන්වා වී නොවැම්බර් 14 දා.
මේ කණ්ඩායම කියන්නේ අර පරණ හිටපු හොරාලට නේද?
ඔයා විහිළු කරනවාද?
මෙන්න මෙයා පෙන්නලා දීලා හරි ගිය ඒවා; 1. මාලිමාව ආවොත් රට ලේ විලක් වෙනවා...! ( ඔව් අපි දැං ඒකෙ පීන පීන තමයි ඉන්නේ) 2. මාලිමාව ආවොත් තෙල් පෝලිං එනවා. (දැං අපි පෝලිං නැතුව ගිහිං එයාගේ කාලෙට වඩා අඩුවට තෙල් ගහනවා) 3. මාලිමාව ආවොත් ගෑස් පෝලිං එනවා. (දැං මාලිමාවට සහයෝගය දෙන්න ගෑස් සිලින්ඩරේට ගහපු උදවිය පෝලිමේ එනවා) 4. මාලිමාව ආවොත් ලංකාව ලෝකයෙන් කොන්වෙනවා. (දැන් අනුර සහෝදරයා මුණගැහෙන්න ලෝකයේ බොහෝ රටවල නියෝජ්තයින් පෝලිමේ එනවා. එ පමණක් නොවේ ඒ රටවලට එන්න කියා අනුර සහෝදරයාට ආරාධනා කරනවා) 5. මාලිමාව ආවොත් ලංකාවට විදේශ ආධාර නැතිවෙනවා. ( දැං විදේශ රටවල් ගණනාවක් ලංකාවට ආධාර දෙන්න සහ නව ව්‍යාපෘති අරඹන්න පෝලිමේ එනවා. 6. මාලිමාව ආවත්, එයා කලා වගේ රටේ තියෙන දේවල් විකුණනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (අනුර සහෝදරයා දැනටමත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයත්, නුවර එලිය තැපැල් හලත් විකුණන එක අවලංගු කරලා.) 7. මාලිමාව ආවට හොරු අල්ලන්න බෑ.
මහබැංකුව සුද්ද කරලා ගෝලයාට රට පනින්න සැලසුම් කිරීම තරම් වගකීම් පැහැර හැරීමක් තියෙනවද?
කයියනායක...