(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව මහ බැංකු පනත සම්මත වූ පසුව රට බංකොලොත් වුවහොත් ඊට වගකිව යුත්තේ කවුදැයි නිශ්චිතවම හඳුනා ගන්නට හැකියාව ලැබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මහ බැංකු පනත පිළිබඳ විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය.
එවිට විවිධ කමිටු පත් කරමින් රට බංකොලොත් වීම ගැන සොයන්නට අවශ්‍ය වන්නේ නැතැයි ද ප්‍රේමජයන්ත මහතා කීය.
මහ බැංකු පනතේ ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් තිබෙන බවද දේශීය මිල ස්ථායිතාවය සුරක්ෂිත කිරීම සහ පවත්වාගෙන යාමත් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සුරක්ෂිත කිරීමත් එම අරමුණු දෙක බව අමාත්‍යවරයා කීය.
මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ද මෙහි අරමුණක් වෙන බවද මහබැංකුවේ කටයුතු පාලනය කිරීම සඳහා පාලක මණ්ඩලයක් සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක් ඇති කරන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
රටෙි මූල්‍ය ආයතන නියාමනය කිරීමද මෙමගින් සිදු කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ලංකවේ දේශපාලනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහ බැංකු පනත පිළිබඳ කතාකලයුතු නැත ඒ සදහා මුදල් ඇමතිවරයෙක් සිටි. අධ්‍යාපන අමාත්‍ය වරයා කතා කලයුතුවන්නේ අදයපනය පිළිබද ඔහුගේ විෂයට අදාල කරුණු මිස වෙනත් කරුණු නොවේ, ලංකාවේ දේශපාලකයන් ඔවුන්ට අදාල නොවන කරුණු පිලිබදව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිය යුතුවේ. රටේ පුරවැසියන්ට පිළිතුරු ලබාදීම සදහා ඇමැතිවරුනට තනතුරු ලබාදී ඇත, මුදල් ඇමතිවරගේ කාර්ය ඔහුට කරගෙන යාමට අවස්ථව ලබාදෙන්න
අයියෝ සුසිල්ට වෙච්ච දෙයක්, රාජපක්ෂලාගේ කාලයේ තමන්ට පොලට ගිය සුසිල් දැන් රනිල්ට කඩේ යනවා.