(අංජුල මහික වීරරත්න)
නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතු බවත් දැන් තිබෙන මුදල් නීති ද සලකා බලා අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් මුදල් නීතියක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව නිදහස් අධ්‍යාපනය උසස් පෙළ දක්වා පමණක් දෙන්න. ඉන්පසු විශ්ව විද්‍යාලවල ඉගෙනුමට වසරකට මුදලක් අය කරන්න..! මහපොළ දීමනා ලබා ගනී නම් රැකියාවකට ගියාට පසු අවුරුදු 10ක් ඇතුළත ඒ මුදල 2% පොලී අනුපාතයක් ඇතුළත් කර ගෙවන්න කියන්න..! සැම කෙනෙකුගෙන්ම 15% වාර්ෂික බද්දක් අයකරන්න. ටියුෂන් ගුරුවරු හා චැනල් සෙන්ටර් දොස්තර වරුන්ගෙන් 25% ආදායම් බද්දක් අය කරන්න. පාසල් කාලය උදේ 7:30 සිට දවල් 3:45 දක්වා දික්කරන්න. 'යූ-ටියුබ්' චැනල් හදලා ලොකු ආදායමක් හොයන අයගෙන් බද්දක් අය කරන්න! තදාසන්න නගරයට ඇතුලු වනවිට වාහන වලින් ඇතුළුවීමේ ගාස්තුවක් අය කරන්න! {රජයේ හා පාසල් වාහන හැර...! එංගලන්තයේ කෝටිපති සුද්දාගේ ළමයින්ට පවා ඒ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ උසස්පෙළ කරනතුරු පමණයි..! ඉන්පසු විශ්ව විද්‍යාලයට ඇතුල් වුණාම එක අවුරුද්දකට රුපියල් ලක්‍ෂ 40ක් ගෙවන්න ඕනෑ. පාඨමාලාව අවුරුදු 3-4 ක් නම් හිතාගන්න යන වියදම [ලක්‍ෂ 40x3 ] ඒ නවාතැන් හා කෑම ගාස්තු නැතිව... මසකට නවාතැන් ගාස්තුව රුපියල් ලක්‍ෂ දෙකහමාරක්.. ඒ විදුලි බිල හා අන්තර්ජාල බිල් නැතිව..! ඒවාට මසකට ලක්‍ෂයක් විතර ඕනෑ..!
බැංකු හා ෆිනෑන්ස් කම්පැනිවල මුල්‍ය තත්වයට වඩා ඒවායෙන් පහසුකම් ලබාගත් කුඩා, මධ්‍යම, තනිපුද්ගල ව්‍යාපාර දුර්වලවෙලා තියෙනවා. බැංකු හා ෆිනෑන්ස් කම්පැනිවලට පනවා තිබූ දේපළ අත්කර ගැනීමේ තහනම ජුනි මස මැදින් අවසන් වෙනවා. ඉන් ප්‍රයෝජන ගැනීමට දැනටමත් බැංකු හා ෆිනෑන්ස් කම්පැනි ජුනි 15ට පෙර සම්පූර්ණ ණයමුදල පොළිය සමග ගෙවන ලෙස බලකර එසේ නොගෙවන්නේ නම් ජුනි 15න් පසු දේපළ අත්කර ගන්නා බවට ලිපි යවමින් සිටිනවා. එමනිසා 2018 සිට කල් පිරුණු ණය 2020 හෝ 2021 හෝ 2022 වල කොටස් වශයෙන් හෝ පියවා ඇති අය සඳහා නඩු හෝ දේපළ පවරා ගැනීම මේ ආර්ථික තත්වය පහවන තෙක් වහා අත් හිටුවන්න පියවර ගන්න...
දැන් කීපාරක් අගමැති වුණාද? රටේ තියෙන සේසතින් සෑහෙන කොටසක් හූරාගත්තායින් පස්සෙද මතක් වුණේ මුදල් නීති ගැන..? මොකක්ද මේ රවටන සෙල්ලම?
රටේ අතිබහුතර ජනතාව ලෙස අපි කියනවා රෙජීමය බේරගන්න ආපු රනිල් ඉවත්ව යායුතුයි. මේ රට අද තුන්වේල කන්න නැති, ලෙඩකට බෙහෙතක් නැති, බඩුමිල අහස උසට ගිය බංකොළොත් රටක් කළේ ඔබ පරපුරයි. ණය උගුලක රට හිරකළේ කවුද? දෙයියන්ගේ නාමෙන් යන දේවාලෙක යන්න. මේ රට තවත් විනාශ නොකර... කොහොම වුණත්, තවත් ජනතාවට කොකා පෙන්නුවොත්, මේ සෙට්එකට ගෙවල්වල යනවා තියා මේ රටේ වසනවා නම් බොරු...
වසර 74ක් රට පාලනය කෙරුවා.. මෙතුමා 6 වැනි වරටත් අගමැති වුණා. භාණ්ඩාගාරය පතුලට හිඳෙනතුරු බලාගෙන හිටියා මුදල් පනත ශක්තිමත් කරන්න. දැන් හොරකම් කෙරුවා ඇති කියලා හිතුණද? නැතිනම් හොරකම් කරන්න දෙයක් නැතිනිසා කරන්න හිතුණද දන්නේ නැහැ. කොහොම වුණත් මෙදාපාර ඒකවත් හරියට කරන්න..
නාකි වෙනකම් පාර්ලිමේන්තුවේ ඉදල දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ තීති හදන්න.
මෙ මනුස්සයට දැනට රටෙ තියෙන ප්‍රශ්න ගැන කිසිම වැටහීමක්නෑවගෙ. සහන අය-වැය තවත් සති ගනනකින් ලු. බෙහෙත් තව සති 6කින් දෙනවලු ඒ වෙනකොට තව සිය ගනක් හාමතේ මැරෙවි.
අගමැතිකම බාරගත්තේ නම් පොළවට ඇලවුණු ආර්ථිකයට පණක් දෙන්න කියලා. ඒත් දැන්නම් ඒ ගැන වගේ වගක් නැහැ. අර පනත්, මේ පනත්, ව්‍යවස්ථා සංශෝධන එක එක සභා ගැන තමයි දැන් කතාව. මට පේන විදියට කරන්න ආපු කාරිය කරගන්න බැහැ වගේ තේරිල තමයි මේ එකඑක වල්පල් ගැන දොඩවන්නේ... පින් සිද්ද වෙයි මේ ආර්ථිකය පණ ගහලා එනකම් පවතින විධායක ජනාධිපති ක්‍රමයට හෝ බලතලවලට හෝ අත තියන්න එපා...
සුපුරුදු බදු ගැහිල්ලට එහා ගිය දෙයක් මෙයාට දන්නෙම නෑ. බදු ගෙවල නැති ඉහල පෙලේ ව්‍යාපාරිකයන් කෝප් කමිටු කතාවලින් රටම දැන ගත්ත. නමුත් ඒ් අයට විරුද්ධව ක්‍රයාත්මක කරන නීතියක් ගැනවත් නෙගෙවපු බදු හෝ වෙනත් හරියට නොගෙවපු රජයේ ආදායම් අයකරගන්න විදියක් කෙහෙවත් කියවෙන්නෙ නැහැ. ඒ වෙනුවට මහ මහජනතාවම හුරගෙන කන්න වැඩ කරනව. මේකද මේ පින් ගොනාව අගමැති පුටුවෙ වාඩි කෙරුවෙ? මෙයා ආවම සතුටු වෙච්ච කට්ටිය දැන් මෙකද කියන්නෙ.