
වෙනිසියුලාවේ අන්තර්කාලීන පාලනය, ඇමෙරිකාවට විරෝධය දක්වන්නේ නම්, වෙනිසියුලාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට සිදුවුනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබේ.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ඇමෙරිකාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු, ව්‍යවස්ථානුකූලව වෙනිසියුලාවේ ජනාධිපති ධුරය උප ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටින ඩෙල්සි රොඩ්රීගස් ට හිමිවනු ඇතැයි වෙනිසියුලා අධිකරණය පවසා තිබේ.
‘වෙනිසියුලාව ඇත්තේ අපේ (ඇමෙරිකාව්) පාලනය යටතේ. උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රීගස් ජනාධිපති ධුරයේ කටයුතු කළ යුතු වෙනිසියුලා අධිකරණය තීන්දු කර තිබෙනවා. උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රීගස් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතරේ දුරකතන කතාබහක් පැවැතුණා. අපට සහාය දක්වන බව ඇය පැවැසුවා. අමතක කළ යුතු නැහැ ඇය පත් කළේ මදුරෝ ජනාධිපතිවරයා. අපට සහාය දක්වමින් අප සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා හැර ඇයට වෙන විකල්පයක් නැහැ. වෙනිසියුලාවේ අන්තර්කාලීන පාලනය අපට විරුද්ධව යන්නේ නම්, යළි ප්‍රහාරයකට අප සූදානමින් සිටිනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
‘වෙනිසියුලාව පාලනය කරන්නේ අපි. අපට ඕනෑ විදියට තමයි දැන් වැඩ සිද්ද වෙන්නේ. වෙනිසියුලාව පාලනය කිරීම සිදුවන්නේ අප කණ්ඩායමක් හරහා. රාජය ලේකම් මාර්කෝ රූබියෝ ඒ කණ්ඩායමට නායකත්වය දේවි. වෙනිසියුලාවේ තෙල් නිධි අප පවරා ගැනීමක් කළා. තෙල්වලින් ලැබෙන ලාභය වෙනිසියුලා වැසියන් අතරේ බෙදා දීමට අප බලපොරොත්තු වෙනවා’ යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.
ඇමෙරිකාවේ අත්අඩංගුවේ පසුවන වෙනිසියුලා ජනාධිපති
COMMENTS