(ඩයනා උදයංගනී)

වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය.

මීට අමතරව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරු ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් ලබාදුන්හ.

අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර තිබෙන අතර, ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ.ජී අශෝකා අලවත්ත මහත්මිය පත් කර තිබේ.

එම මහත්ම මහත්මීහු ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.