
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇත.
එම මහත්වරු අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර මහතා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර ඇත. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙසද ප්‍රෙක්ෂක හදවත් දිනා ගෙන තිබෙන ඔහු ලේඛකයෙක්ද වෙයි.
දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහෝ විට මාධ්‍යවේදින් කියන්නේ රූපවාහිනි චැනලයක විවිධ වැඩසටහන්වල නිවේදකයින්ට ය, ජනාධිපති මාධ්‍ය උපදේශ තනතුරේ තරම මෙයින් සිතාගත හැක.
මෙතුමා තම වැඩසටහන් හරහා කඩේ ගිය තරමට මෙය අමුතු දෙයක් නොවේ.
චන්දන සූරිය බණ්ඩාරගේ මෙම තනතුර ගැන මගේ සතුට. ඔහුට සුබ පතනවා. ඔහු සොදුරු මිනිසෙක්. එසේම මාධ්‍ය සදාචාරය සමග ගමන් කරන බව අපට පෙනේ.
මට මතක් වෙන්නේ කිංස්ලි රත්නායකට වෙච්ච දේ. හ්හ් හ්හ් හා...
වැඩ බෑරි වෙනකොට මාධ්‍ය භාවිතාව...මාධ්‍ය උපදේශකලා වෑඩි වෙනවා....රෙද්දේ රෙවිලා ජෙප්පොන්ට ....පච රැල.
ඉස්සර හිටි ජනාධිපතිවරයෙකුත් ඔහොමම පත්වීමක් දීලා තිබ්බා, කවුද මන්දා. ඒ කොහොම වුණත් තව උපදේශකයෙක්. සීයාගේ උපදේශකයෝ ගාණට එන්න පුළුවන් වෙයි.
චන්දන සූරිය බන්ඩාර කියන්නේ හොද පුද්ගලයෙක් මේ දේවල් වලට රින්ගලා නම කත කරගන්න අදන්නෙ. දේශපාලනයෙන් ඉවත් වෙලා හිටියනම් නේද හොද