
(නිමල කොඩිතුවක්කු)
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් අතර මත බේදාත්මක තත්වයක් හටගෙන ඇත.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසද්දී බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කරයි.
ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි නොව්වුත් ජනතාව මුහුන දෙන ආර්ථික පීඩනය හමුවේ මෙම ගාස්තු සංශෝධනය පිලිගැනීමට සංගම් සූදානම් බවත් විජේරත්න මහතා සඳහන් කලේය.
ඉන්ධන සහ බස්රථ අමතර කොටස් සඳහා සහනාධාර වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් ඔහු කීවේය.
මේ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කරයි.
බස් හිමියන් සමග සාකච්ඡා කොට දැඩි ක්‍රියාමාර්ග වලට යොමුවන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමුණු විජේරත්නට බස් තියෙන්න එපායෙ මෙම තීරණ වලට විරැද්ධ වෙන්නට.