
(යොහාන් භාසුර)
කොළඔ ආනන්ද විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපතිවරයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතාට උපහාර දැක්විමේ උළෙලක් පැවැත්වීය.
ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සභාපති ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.
ආදි ආනන්දීය වෘතිකයන්ගේ සංසදය හා ආදි ආනන්දීය ක්‍රිඩා සංසදය එක්ව සංවිධානය කළ මෙම උපහාර උළෙල සදහා ආනන්ද විද්‍යාලිය විදුහල්පතිවරයා, ආදි ආනන්දීය වෘතිකයන් ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සාමාජිකයන් මෙන්ම අදි ශිෂ්‍යයන් ඇතුලු පිරිසක් සහභාගි වු අතර මෙහිදි ආරක්ෂක ලේකම්වරයා නව ගුවන් හමුදාධිපතිට සමරු තිලිණයක්ද ද පිරිනමන ලදිි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ගුවන් හමුදාපතිවරයා ආනන්දයට පැමිණියේ උසස්පෙළ දෙවසර සඳහා පමණයි. ගම්පහ පරාක්‍රම සහ බණ්ඩාරනායක යන දෙවිදුහල්වලයි එතුමා පාසල් ජීවිතයේ ඉතා වැඩි කාලයක් ගත කළේ... එමනිසා ගුවන් හමුදාපතිවරයකු බිහිකිරීමේ ගෞරවයේ වැඩි කොටස යා යුත්තේ යට කී දෙවිදුහල්වලටය.