
(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් දැඩි දූෂණයට පත්ව තිබූ සරක්කුව සහ කැපුන්ගොඩ අතර වෙරළ තීරය නාවික හමුදාව ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට පැවැති තත්වයට පත්කර තිබේ.
නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර නවයක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට ලක්වූ උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදුකළ පිරිසිදු කිරීමේ මෙහෙයුයේදී අපද්‍රව්‍ය ටොන් 1500 ක් එකතු කළ බවත් එම මැයි මස 27 වැනිදා සිට දින 21 ක් තුළ රැස්කළ එම අපද්‍රව්‍ය තොගය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට බාරදුන් බවත් නාවික හමුදාව පවසයි.
වෙරළ දූෂණ වී තිබූ ආකාරය සහ පිරිසිදු කිරීමෙන් පසුව මේ වන විට දිස්වන ආකාරය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වැඩ්ඩෝ, ඔබ සියලු දෙනාට සිරස නමා ප්‍රණාමය පුදකරමි...
ආමි ඵකට වැඩක් දුන්නොත් ඒක සුපිරියට කරලා ඇති... හමුදාපතිතුමාට හා හමුදාවට ඕන් දුන්නා අපේ මෙව්වා එක..!!!
නිශ්ශබ්දවම කළ ශ්‍රේෂ්ඨ වැඩක්...
නියමයි... ගොඩක් ස්තුතියි... වචනයට වඩා ක්‍රියාව දහස් ගුණයකින් වටී...
සෑම ක්‍රියාවකටම එකසේ දස්කම් පෙන්නන ආරක්ෂක අංශ වලට අපගේ කෘතවේදී ස්තුතිය..!
කළ නොහැක්කක් නොමැති බව අපේ විරුවන් පෙන්නුම් කරනවා.
වැඩේ හොඳයි, ඒකේ දෙකක් නෑ. ඒත් ඔය කුණුවලට මොකද වුණේ? කොහෙද ගිහින් දැම්මේ... ඒ ගිහින් දාපු තැනට මොකද වෙන්නේ කියන එක ගැටලුවක්....
සුපිරි වැඩක්... පිරිසිදු කළ සියලු දෙනාටම අපේ ආචාරය..
දේශපාලුවන්ගේ කුණු හමුදාව දාලා සුද්ද කිරීම දැන් අලුත් දෙයක් නෙමෙයි. සියලු හමුදා සාමාජිකයින්ට ප්‍රණාමය... දැන් දේශපාලුවන්ට කියන්න වතුර ටික සුද්ද කරලා පෙන්නන්න කියලා...
ඔබට අපගේ ප්‍රණාමය..
අතිවිශිෂ්ඨයි.. ප්‍රණාමය රණවිරු ඔබටයි...!!!
වෙරළ නම් පිරිසිදුයි... එ්ත් අපේ සාගරය.., සාගර ජීවීන්...
ස්තූතියි. දැන් මේකෙ වටිනාකමක් නොමැති කොහෙවත් හිටපු කෙනෙක් ගනියි. අපේ බහුතරයක් ඇන්දෙයි.
වැඩිපුරම ඉවත් කරන්න ඇත්තේ... මළ අපද්‍රව්‍ය මේ ප්‍රදේශයේ බොහෝමයක් වැසිකිළි නැහැ. වෙරළේ හරිම අපිරිසිදු තැන් තියෙනවා. එම ජනතාව පරීක්ෂා කරලා බැලුවොත් තේරෙයි...
කවුද අප්පා මේ වගේ වැඩවලට ඩිස්ලයික් දාන කාලකණ්ණි? ඇත්තටම මේ කරන සේවය අගය කළ යුතු නොවේද?
ෆොටෝ ෂොප් වගේත් පේනවා..
මෙරට මතුපිටින් ලස්සනට තිබුණත් මුහුදු පතුල පිරිසිදු කර නැහැ නේද?
එතකොට අපද්‍රව්‍ය බැහැර කළේ කොහොමද?