(ඩයනා උදයංගනී)
එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20ක් පමණ පවතිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම පරිසර හානිය කිසිසේත්ම ඩොලර්වලින් ගණනය කර හිළව් කළ නොහැකි බව ද ඇමතිවරයා සඳහන් කළේය. නැව ගිලී යාම නිසා සාගරයට එක් වු ප්ලාස්ටික්වලින් වෙරළට ගොඩ ගැසු විශාල ප්‍රමාණයක් මේ වනවිට එක් රැස් කර බහාලුම් 40ක ගබඩා කර ඇතැයි කී ඇමතිවරයා තව කොපමණ ප්‍රමාණයක් සාගරය තුළ තිබේද යන්න හෝ මසුන් විසින් කා දමන්නට ඇත්ද යන්න සොයාගත නොහැකි බව කියයි
එම නෞකාවේ භාණ්ඩ වර්ග 193ක් අඩංගු බහාලුම් 1486ක් පමණ තිබී ඇතැයි කී ඇමතිවරයා රටේ ප්‍රධාන නිෂ්පාදන සමාගම් දෙකකට මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් පැලට්ස් එහි තිබී ඇතැයි ද සඳහන් කරයි.
මෙම නෞකාවෙන් සිදුව ඇති විනාශයට වන්දි ලබාගැනීම මෙන්ම ඊට වගකිව යුතු සියලු දෙනා හඳුනාගෙන දඩුවම් කිරීම ද කළ යුතු බව කී අමරවීර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව දැනටමත් මේ සම්බන්ධව විමර්ශණ ආරම්භ කර ඇති බවත් දැනටමත් මේ සම්බන්ධ නඩු දෙකක් පැවරීමට කටයුතු කර ඇති බව අධීකරණ ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දැනුම් දුන් බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්ණි දේශපාලඥයින්ගෙන් රටට වුණු හානිය තව වසර 200ක් වත් තියේවි...!!!
නිසි වෙලාවේ නිසි තීරණ වරායේ බලධාරින් නොගෙන ගිනිගන්න නෞකාව අපේ මුහුදු සීමාවට එන්න දීලා වෙච්ච මේ මහා විනාසෙට රටක් වශයෙන් අපි ලැජ්ජා වියයුතුයි. මේ දේවල් මෙහෙම වෙනවා නම් රජයක් වැඩක් නැහැ...
නැව ගිණිගෙන විනාශ උනා. ඒක බේරගන්න බැරිඋන සමහර දෙනා දැන් අමුතු උද්යෝගයකින් මොනවද මේ කියනා කතා.වෙන රටක මේ දේ සිදුවුණා නම්,මේ වනවිටත් පරිසර ඇමති විතරක් නෙමෙයි වගකිවයුතු හැමෝම අස්වෙලා.අපේ එහෙමත් නොවී ඒ මදිවට කටවල් වල වාදම තමයි අහන් ඉන්නට බැරි.
මේ විහිළු කතා. ජනාධිපතිගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනවලු සහ වන්දි ලබා ගන්න කටයුතු කරනවයි කියන එක... රටේ නායකයාට කෙලින් වැඩ කරන්න පුළුවන්කම තිබුණා නම්, මෙවැනි විනාශයක් රටට වෙන්න නැහැ. කුමාර වෙල්ගම කියන කතා ඇත්ත. අර වාසුදේවත් අපිට ඩොලර් හම්බවෙනවා කියලා විහිළු කතා කියනවා. මේ වාසුදේව චන්ද්‍රිකාගේ යුගයේ ආණ්ඩුව නියෝජනය කරමින්.., ඒ ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට ගිය කෙනෙක්. ඒ වගේම වත්මන් ජනාධිපති ලේකම්ට එරෙහිවත් අධිකරණයට ගිය මිනිහා, අද රාජපක්ෂලා ඉදිරියේදී පඹයෙක් වෙලා.
ගන්න ඕනෙ ක්‍රියාමාර්ග ගන්නේ නැතිව ඔය අන්තරය මතුර මතුර සිටීමෙන් කිසිසේත්ම ඵලක් නොවේ.