(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
ගිනි නිවීමේ සහ මුහුදු දූෂණ ආරක්‍ෂණ පහසුකම් සහිත ඉන්දීය නෞකා දෙකක් මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මුහුදු සීමාව නවතා තිබෙන බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගනිමින් තිබීම නිසා ආසන්නයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම්වලින් විශාල සංඛ්‍යාවක් මේ වන විට මුහුදුට පෙරළි ඇති බවත් එය කොපමණක්ද යන්න කිකිවකුට කිවනොහැකි බවත් නාවික හමුදා මාධ්‍ය කියයි.
ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනිගැනීමකට ලක්වූ අතර එම කෞකාවේ ඊයේ (25) අළුයම නැවතත් ගින්න ඇවිලුණු අතර මේ දක්වා ගින්න පවතී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ කටින් බතල කොළ හිටුවන අය. අපිට බැරි නම් පිටරට උදව් ඉල්ලා මේ නැව ගිනි ගැනීම නවත්වා ගන්නට තිබුණා. මෙයින් මොනතරම් පරිසර හානියක් වේවිද?
දැන් මේ නැව පත්වෙලා තියෙන තත්වයෙන් බේරගන්න අපහසුයි. කළ හැකි එකම දේ නම් පරිසරය ආරක්ෂා කර ගැනීමයි.
මෑතකදීත් ඔය වගේ තෙල් නැවක් ගිනි ගත්තා නේද? රක්ෂණ ආවරණ ලබාගන්න කරන වැඩක් වත්ද? අනෙක ගින්න ළඟට යන්න බෑ කියන එක විසඳුමක් නොවේ. දැන් අපිට වෙන්න ඕන පරිසර හානිය වෙලා ඉවරයි. පසුගිය කාලේ වූ දේවල්වලට වන්දි ලැබුණාද?
ගින්නේ උෂ්ණත්වය කීයද?
මේ නැව විසි වැනිදා ඉඳලා ගිනි ගන්නවා.. ගිනි ඉබේ නිවෙන්නේ නැති බව ඕන කෙනෙක් දන්නවා.. ඇත්තම කතා කලොත් අපේ හමුදාවට කරන්න බැරි දෙයක් නැහැ කියලා පොඩි අධිතක්සේරුවක් තියෙනවා.. රටේ ජනතාවට ඒ හැඟීම දීලා ස්වයං මෝහන තත්ත්වයක් තියෙනවා. ඒත් යථාර්ථය ඒක නෙවෙයි. ඒක තේරුම් ගන්න දින 06ක් ගියා. මේ අවදානම හැකිතාක් ගැඹුරු මුහුදට ඇදගෙන යාම කළා නම් එළුවාවත් බේරාගන්න තිබුණා. දැන් එළුවයි මුට්ටියයි, දෙකම නැති වුණා. නැවත් විනාශය වුණා. රට ආසන්න පරිසරයත් විනාශ වුණා...
ගින්න නිවන්න වතුර කියලා වෙන මොනවහරි ගහලා වගේ
ඇයි අර අති උගත් රත්තරන් රෝහිත ඇමැතිතුමා කෙළින්ම උපදෙස් දීලා ඔය ගින්න නිව්වා නේද?
මොලේ උඩ ඉන්න සමහර උදවියට සමිත මහතා කියන දේ තේරුම් ගන්ඩ බැරුවා වාගේ. අපේ රටට ගිය කලක්...
එහි කුඩු නම් ඔවුන් එය ආරක්ෂා කරනු ඇත...
මේකෙන් පේන්නේ අපි බොරුවට පුම්බලා තියන නමුත් ඇත්තටම කොපමණ දුර්වල රටක් ද කියන එක විතරයි...
නැවක් ගිනි ගත්තත් එකෙනුත් ලකුණු දාගන්න බලන් ඉන්න මෝඩ ඇමැතියෝ ඉද්දී කොහොම කරන්නද? දැන් අපේ රටේ විෂය සම්බන්ධ ප්‍රවීනයෝ නැහැ. ඉන්නේ කෝකටත් තෛලය වන හමුදාවයි. ඒ පිහිටෙන් ඊළඟ ඡන්දෙත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න ඉන්න මෝඩ ඇමැති රැළයි.
සර් මෙතනත් ෆේල්...
මේ රසායනික නැව චීනෙ ඉදන් ආවනම් අද බලන්න තිබ්බා රට හදන 3% යි, කීබෝඩ් වීරයොයි බුකියේ දාන දාර්ශනික අදහස් කොමෙන්ටු.
මේ හානියට වන්දි ඉල්ලද්දී අපේ වෙරළට වුනු හානිය වෙනුවෙන් විශාල වන්දියක් ගතයුතු වෙනවා.
ඉවසන්න, පොර්ට්සිටි පටන්ගත්තම රට වටේම නැව් ගිනිගන්න හැටි බලන්න පුළුවන්.
අපි තමයි හොඳටම නිමුවෙ.
ඇයි මේ ගින්න නිවන්න උපදෙස් දුන්නා නේද ඇමතිතුමා.?