
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ.
වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි.
අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් කථානායක ධුරය පුරප්පාඩු විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී පත්කර ගැනීමට නියමිතව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හිටපු කෙනා නම් කිව්වේ සහතිකය හොයාගන්නකම් දැනට ඉවත් වෙනවා කියලා. එතකොට මේක තාවකාලික පත් වීමක්ද නැත්නම් කරපු බොරුව පක්‍ෂය විසින් පිලිගැනීමක්ද?
කෝකටත් වෛද්‍ය උපාධිය හරියට තියෙනවද බලන්න
වෛද්‍ය පරිපාලකයෙක් වුනා කියල කතානායක කරන්නෙ පාර්ලිමේන්තුව රෝහලක් කියල වෙන්න ඇති. ඇත්තෙන්ම එක වසරේ සිට වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ජනතා මුදලින් ලබාගෙන එසේ වැයවූ මුදලට සාධාරණයක් නොකර වෙනත් කෙනෙකුට තිබූ අවස්ථාවත් අහිමිකර ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලටත් ඉඩනොදී කටයුතු කරන මොවුන්ගේ දැක්ම හා මෙහෙවර මොකක්ද
කථානායක ධුරය සඳහා පත්වන පුද්ගලයා කවුරුන් උවද ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය කොපමණද නොව ඔහුගේ හැකියාවන් සහ ඉවසීම, කතානායක තනතුරේ වගකීම සහ වගවීම විනිවිදභාවය සුවධිනත්වය පමණක් නොව තනතුරේ ගරුත්වයද ආරක්ෂා කරීමට බැදී සිටී.
එතුමාගේ "දොස්තරකම" කලින් උන්නැහැගෙ "දොස්තරකම" මෙන් නොවේවා!
නිලන්ත පැන්ෂන් ගියාමත් සේවය කරන්නද කියන්නෙ. එහෙම නැත්නම් කැමැත්තෙන් අස්වෙන්න බැරිද?
nilantha ඒ මනුස්සයාට මොලේ තිබුණු හින්දා තිබ්බ අමාරුම විභාග වලට ඉඳලා සමත් වෙන්න ඇති, ඔයා මෝඩයෙක් වුණා කියලා එයට ඉරිසියා කරන්න එපා... එහෙම බැලුවාම කජු ආතාගෙයි, සුනාමි අප්පච්චිගෙයි රට කෙරුවාව හින්දා අද වෙනකොට රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධි ගත්තු කී දෙනෙක් රටට කිසිම වැඩක් නොකර පහුගිය වසර 2 ක 3 නේ රට අත්හැර ගිහිල්ලා තියනවාද?
පක්ෂය ඇතුලෙන් දෙන්න සුදුස්සෝ නැත්නම් ඕක දෙන්න ළමයෙකුට...
වෙන දේවල් අනුව අලුත් කොස්සේ කොහු එක දෙක ගැලවෙන්න අරන්ද මන්දා
මේ ඔහෙලගේ ආණ්ඩුවේ කතානායකලා වුණේ මුදල් ඇමැතිලා, ආර්ථික සංවර්ධන ඇමැතිලා හිටියේ ඔස්තාර්ලා...
ගැටළුවක් නැහැ... කතානායක වෙන්න දොස්තර උපාධිය අවශ්‍ය නැහැ.. මහින්ද යාපා අබේවර්ධන වුණාම ඇහැකි...