IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නව කථානායක පුටුව පොලොන්නරුවට

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ.

වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි.

අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් කථානායක ධුරය පුරප්පාඩු විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී පත්කර ගැනීමට නියමිතව පවතී.

 



අදහස් (11)

නව කථානායක පුටුව පොලොන්නරුවට

යෝගා Monday, 16 December 2024 06:35 AM

අර හිටපු කෙනා නම් කිව්වේ සහතිකය හොයාගන්නකම් දැනට ඉවත් වෙනවා කියලා. එතකොට මේක තාවකාලික පත් වීමක්ද නැත්නම් කරපු බොරුව පක්‍ෂය විසින් පිලිගැනීමක්ද?

:       7       8

ධනා Monday, 16 December 2024 06:57 AM

කෝකටත් වෛද්‍ය උපාධිය හරියට තියෙනවද බලන්න

:       13       21

Nilantha Monday, 16 December 2024 07:00 AM

වෛද්‍ය පරිපාලකයෙක් වුනා කියල කතානායක කරන්නෙ පාර්ලිමේන්තුව රෝහලක් කියල වෙන්න ඇති. ඇත්තෙන්ම එක වසරේ සිට වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ජනතා මුදලින් ලබාගෙන එසේ වැයවූ මුදලට සාධාරණයක් නොකර වෙනත් කෙනෙකුට තිබූ අවස්ථාවත් අහිමිකර ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලටත් ඉඩනොදී කටයුතු කරන මොවුන්ගේ දැක්ම හා මෙහෙවර මොකක්ද

:       32       29

nimal Monday, 16 December 2024 07:59 AM

කථානායක ධුරය සඳහා පත්වන පුද්ගලයා කවුරුන් උවද ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය කොපමණද නොව ඔහුගේ හැකියාවන් සහ ඉවසීම, කතානායක තනතුරේ වගකීම සහ වගවීම විනිවිදභාවය සුවධිනත්වය පමණක් නොව තනතුරේ ගරුත්වයද ආරක්ෂා කරීමට බැදී සිටී.

:       0       48

මැක්ස් Monday, 16 December 2024 08:15 AM

එතුමාගේ "දොස්තරකම" කලින් උන්නැහැගෙ "දොස්තරකම" මෙන් නොවේවා!

:       11       24

සෙනෙවිරත්න Monday, 16 December 2024 11:08 AM

නිලන්ත පැන්ෂන් ගියාමත් සේවය කරන්නද කියන්නෙ. එහෙම නැත්නම් කැමැත්තෙන් අස්වෙන්න බැරිද?

:       0       2

පම්පෝරි ජනක Monday, 16 December 2024 11:39 AM

nilantha ඒ මනුස්සයාට මොලේ තිබුණු හින්දා තිබ්බ අමාරුම විභාග වලට ඉඳලා සමත් වෙන්න ඇති, ඔයා මෝඩයෙක් වුණා කියලා එයට ඉරිසියා කරන්න එපා... එහෙම බැලුවාම කජු ආතාගෙයි, සුනාමි අප්පච්චිගෙයි රට කෙරුවාව හින්දා අද වෙනකොට රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධි ගත්තු කී දෙනෙක් රටට කිසිම වැඩක් නොකර පහුගිය වසර 2 ක 3 නේ රට අත්හැර ගිහිල්ලා තියනවාද?

:       5       10

siriywathie Monday, 16 December 2024 11:42 AM

පක්ෂය ඇතුලෙන් දෙන්න සුදුස්සෝ නැත්නම් ඕක දෙන්න ළමයෙකුට...

:       7       4

Perera Monday, 16 December 2024 11:56 AM

වෙන දේවල් අනුව අලුත් කොස්සේ කොහු එක දෙක ගැලවෙන්න අරන්ද මන්දා

:       2       1

Anura Monday, 16 December 2024 12:15 PM

මේ ඔහෙලගේ ආණ්ඩුවේ කතානායකලා වුණේ මුදල් ඇමැතිලා, ආර්ථික සංවර්ධන ඇමැතිලා හිටියේ ඔස්තාර්ලා...

:       0       5

janahitha Monday, 16 December 2024 12:17 PM

ගැටළුවක් නැහැ... කතානායක වෙන්න දොස්තර උපාධිය අවශ්‍ය නැහැ.. මහින්ද යාපා අබේවර්ධන වුණාම ඇහැකි...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 41 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site