IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’නව ආර්ථික කොමිසමෙන් අලුත් රාජ්‍ය ආයතන 6ක් බිහි වෙනවා’’

(යොහාන් භාසුර)  

පනත් පහක් ඒකාබද්ධ කර හදිසියේ සම්මත කරගත් නව ආර්ථික කොමිසම හේතුවෙන් අණ්ඩුව නඩත්තු කළ යුතු තවත් ආයතන හයක් බිහිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (10) පැවසීය.

නාරාහේන්පිට පිහිටි එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.

ආර්ථික කොමිසම, කලාප ශ්‍රී ලංකා, ආයෝජන ශ්‍රී ලංකා, ඵලදායිතා කොමිසම, ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ කොමිසම සහ පර්යේෂණ සඳහා ආයතනය ලෙස එම ආයතන හැදින්විය හැකි බවත් දැනට ආයෝජන මණ්ඩලය හරහා සාර්ථකව කෙරෙන කාර්යය කටයුතු සඳහා ද මෙවන් ආයතන හඳුන්වා දීමකින් අනවශ්‍ය දේශපාලන අතපෙවීමක් වන බවත් රණවක මහතා පැවසීය.

නව ආර්ථික කොමිසම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් ජයග්‍රහණය කරන කණ්ඩායමකට 113 කට වැඩි ප්‍රමාණයකින් මෙම පනත් සංශෝධනය කළ හැකිවුවද බහුතර බලයක් නොමැතිව ආණ්ඩුවක් පත්වුවහොත් ඔවුන් මේ පනතේ සිරකරුවන් බවට පත්වන බව කී රණවක මහතා අලුතින් ආයතන පිහිටුවමින් තවත් රාජ්‍ය වැය ශීර්ෂයක් ඇති කරවා ගැනීම වෙනුවට පවතින ආයතනයන් නිවැරැදි විගණනය කිරීම් හරහා පවත්වාගෙන යාම කළයුතු බවත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (1)

’’නව ආර්ථික කොමිසමෙන් අලුත් රාජ්‍ය ආයතන 6ක් බිහි වෙනවා’’

kotiya Wednesday, 12 June 2024 04:45 AM

කොහෙද ඉතින්, සුදු මාමාට මේ වගේ හොද අදහස් එන්නේ වැලේ වැල් නැතුව විපක්ෂේ ඉන්න කොටනේ. ආණ්ඩු පක්ෂේ ඉන්නකොට තිබ්බ ලොකුම ප්‍රශ්ණ උනේ හලාල් ප්‍රශ්නෙයි මහින්දගේ හොරකම් ප්‍රශ්නෙයි නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site