
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියතා මහතාගේ, රාජකාරි බාරගැනීමෙන් පසු ප්‍රථම දීඝවාපී පුදබිම නිරීක්ෂණ චාරිකාව අද (9) දින සිදුවිය.
එහිදී දීඝවාපී පුදබිමෙන් නාවික හමුදාව විසින් ඉදිකරන ලද විශ්‍රාම ශාලාව, ගුවන් හමුදාව විසින් ඉදිකරනු ලබන බෞද්ධ මන්දිරය සහ ධාතු මන්දිරය, යුධ හමුදාව සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉඳිකරනු ලබන චෛත්‍ය රාජයානන් ඇතුළු වැඩසටහන් ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රගතිය ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මේ අවස්ථාව සදහා දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියන් සහ යුධ හමුදාවේ උසස් නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd