(එස්. ඩී. කොඩිකාර සහ එන්. කේ. ඉන්ද්‍රවංශ)
දෙනියාය, කොටපොළ, මොරවක, පිටබැද්දර යන පෝෂක ප්‍රදේශවලට නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ අද (22) පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මිනුම්වලට අනුව නිල්වලා ගගේ අකුරැස්ස පානදුගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 6.05 දක්වා ඉහළ ගොස් නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇත. මෙහි සාමාන්‍ය ජල මට්ටම වනුයේ මීටර් 3.2 කි.
මේ වන විට අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය, අකුරැස්ස කද්දුව මාර්ගය, අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යටවෙමින් පවතින බවත් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා බෝට්ටු සූදානම් කර ඇති බවත් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හිත හිතා ඉන්නේ නැතුව ගං, මෝයවල් වල එක්රැස්වෙලා තිබෙන වැලිකඳු සහ අපද්‍රව්‍ය වැනි බාධක ඉවත් කළයුතුය.
නිල්වලා ගඟ සභාවයෙන්ම මුහුදු මට්ටමෙන් පහළ නිසා මුහුදට ගලායාම අපහසුයි. වඩදිය කාලයට ලුණුවතුර ගඟට මිශ්‍රවී ඉහළට ගමන් කරයි. කලුතර වගේ එක්රැස්වෙලා තිබෙන වැලිකඳු සහ අපද්‍රව්‍ය වැනි බාධක ඉවත් කිරීම ඵලක් නැත.1980 ගණන් වල පොම්පාගාර ඉදිකළ නමුත් 3වැනි අදයර වන පීක්වෙල්ල අසල බැරේජයක් (Barrage ) තනා පිටාර වැහි ජලය පොම්ප කරන 3වැනි අදියර ක්‍රියාත්මක නොකළේය. අදියර 1 සහ 2 පමණක් ක්‍රියාත්මක කිරීම නිසා බැමිවලින් කොටු කර අනාරක්ෂිත පෙදෙසක වැසි වතුර පුරවා තැබීම හැර විකල්පයක් සිදු නොවීය.